SJB පහට කැඩෙයි.. පළුවක් රනිල් ලග.. චම්පික සේනාංකයක් හදයි.. ඇතුලේ ගිනිගනී…

October 2, 2021 at 9:20 am | lanka C news
SJB පහට කැඩෙයි.. පළුවක් රනිල් ලග.. චම්පික සේනාංකයක් හදයි.. ඇතුලේ ගිනිගනී…

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පනස් තුන් දෙනා කොටස් පහකට බෙදී වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම්, කළමනාකරණ කමිටු, දේශපාලන මණ්ඩලවලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර සිය තනි මතයට කටයුතු කිරීම ඊට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පක්ෂ නායකයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් කරුණු නොවිමසා කටයුතු කිරීම ද තවත් ගැටලුවක් වන අතර ඒ බව අවස්ථා ගණනාවක දී සාකච්ඡා කළද තනි තීරණ ගැනීම වෙනස් වී නොමැති බවටද චෝදනා එල්ල වේ.

ඊට එරෙහිව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි දැඩි විවේචනයක් එල්ල කළ අතර ඇතැම් මන්ත්‍රිවරු පක්ෂයේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවී සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. බදුල්ල නායකත්වය සම්බන්ධයෙන් චමින්ද විජේසිරි, රවින්ද්‍ර සමරවීර හා රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ගැන තලතා අතුකෝරාල හා හේෂා විතානගේ අතරද මත ගැටුමක් පවතින බවද සඳහන් වෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ආසනයේ සංවිධායක ධුරය පිළිබඳවද තලතා අතුකෝරාල හා හේෂා විතනගේ මන්ත්‍රිවරුන් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක 43 සේනාංකය සමග දේශපාලන කටයුතුවල නිරතවන අතර ඔහු සමගද මන්ත්‍රිවරුන් කිහිප දෙනකු කටයුතු කිරීම තවත් ගැටලුවක් වී ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු සමග සමීපව කටයුතු කරන අතර එම සංඛ්‍යාව දහයකට අධිකය. සමගි ජන බලවේගයේ සාමාජික මුස්ලිම්, දෙමළ පක්ෂවල නායකයන්ද සිය පක්ෂවල දේශපාලන කටයුතුවල වෙනවෙනම නිරතව සිටීමද විශේෂත්වයකි.

– aruna

129,792 views

31 Comments to “SJB පහට කැඩෙයි.. පළුවක් රනිල් ලග.. චම්පික සේනාංකයක් හදයි.. ඇතුලේ ගිනිගනී…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටුව නැවත තුනෙන් දෙක ගන්නවා. ඒක වලක්වන්න බෑ ජයවේවා.

    • Athula says:

      3/2 ඕව් තුන කොයි වෙලේ ජනතාව අතර මගදී කපල දායිද දන්නෙ නැහැ පරයා රටක වටිනාකම නොදත් ගොබ්බයො

    • Walimuni Abeysekera says:

      You need medical treatment ASAP. Looks like your head is not functioning.

  2. ගන්ජ බන්ඩා says:

    පචයා. 🐅🐪 සහ ✝️ කාරයො සමග අලුත් සංධානයක් හදා ජනාධිපති වෙනවා. 🤩

    • Amda says:

      🐫☪ සහ ✝ පාටලියා එක්ක එකතු වෙනවානම් දෙපාරක් හිතන්න….

      දර්ගා නගරයේ සිද්ධිය ඇවිලවීම සහ සෙලාන් බැන්කු සේවකයන්ට පහරදීම (ප්‍රසිද්ධියේ) කලේ කවුද කියලා මතක් කරගන්න.

      සියලුම දේසපාලකයෝ බලන්නේ ජනතාව ගොනාට අන්දවා බලයට එන්න..එහෙත් මූ බලය ලබාගෙන ආපසු හැරී දශ්ඨකරන සර්පයෙක්. ඇන්දෙන්න එපා..එච්චරයි

  3. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ පෙතිත් හැලිලා විපක්ෂය පැත්තට හුලගෙන් යයි.

  4. ගෞම් ඊයාරාජ් says:

    චම්පික 2024 ජනපති ඕනෙනම් සජිත්ට පිං අගමැතිකම හරි විපක්ෂ නායක කම හරි දෙන්නම්.

    • මැදමුලනෙ මුත්තා says:

      ප.ච.රණවක ජනාධිපති උනොත් මං මැදමුලනෙ ඉඳල කොළඹට පුපෙං එනව බොලවි. හැක්…හැක්……හැක්…..

  5. බයියා says:

    කණගාටුවෙන් උවත් ගම්බදව ඇති තත්වය හමුවේ ආණ්ඩුවෙන් වාසි ගන්නා වටේ සිටින සුළුතරය හැර බහුතර ජනතව කට පොහොට්ටු පාලනය අන්තයටම පිරිහි ඇත. එදා මහින්ද රාජපක්ෂ නම් පතාක චරිතයට ගම්බදව පැවති තත්වය සහ ජන ගරුත්වය අද නැත. 2015 දි මැතිවරණය පැරදුනද ජන හදවතේ මහින්ද රාජපක්ෂ නාමයට මහා ගෞරවයක් පැවතියද අද තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය යනයන තැන ආණ්ඩු විරෝදින්ය. අද වනවිට අග්‍රාමත්‍යතුමා ප්‍රධාන කිසුදු දේශපාලන නායකයන් හමු වීමට ජනතාවට නොහැකි තත්වය තුල මෙම තත්වය තවත් වර්ධනය වේ.

    • toyya says:

      සජිත් ප්‍රේමදාස මේ දක්වා ක්‍රියා කර ඇති බුද්ධිමත් විලාසයත් වරින් වර කර තිබෙන ඉතා විද්යාත්ම බුද්ධිමත් ප්‍රකාශ නිසා ගම්බද මෙන්ම නාගරික ජනතාව එතුමා වෙත තදින් ආකර්ෂණය වී තිබේ….
      එතුමා ගේ කතා වල තිබෙන හාස්‍ය නිසා මේ දිනවල තිබෙන ප්‍රශ්න සියලු දෙය ජනතවට අමතක කිරීමට එතුමා සමත් වී තිබේ

      • පච ලී says:

        අසව් අසව් අ. පො. ස (සා.පෙ) සමත් නැති එකෙක් බුද්ධිමත් විලාසයත් වරින් වර කර තිබෙන ඉතා විද්යාත්ම බුද්ධිමත් ප්‍රකාශ උස නම් සිකුරිටි මිටි නම් කම්කරු පකනිල් බිල බුදිය ගනින් ටයර් එකක් උඩ.

  6. sana says:

    pohottuwa kadenakan balan hitiya unta pahata kadenna wela wage…

  7. Indika says:

    ඇත්ත කතාව සජිත් කියන්නේ සිරසෙන් පුම්බපු ඩමියක්…රන්ජන් ගේ කටින්ම කිව නේ කැපසිටිය…ඕකට අර හර්ෂ ද සිල්වා වගේ උගත් මනුස්සයෙක් එන්න ඕන….ඕකේ ඉන්න පප්පලා ටික පන්නල දාන්න ඕන..අර රනිල් අතුගාල දැම්මා වගේ…

  8. සකු says:

    පාට්ලි ජනපති රාජිත අගමැති අපෙක්ෂක
    මේක අනිවාර්යයෙන් ම වෙනවා