SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

November 16, 2021 at 12:40 pm | lanka C news
SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

සමගි ජන බලවේගය (16) දින කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජල බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් බස් රථ දෙකක් සිය ගමනාන්තය දක්වා යාමට අවසර නොදි පොලිසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කිරිම නිසා දෙපාර්ශවය අතර (16) දින උණුසුම් තත්ත්වයක් ඇති විය.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයෙන් මාර්ගයේ එක් මංතිරුවක් දිඹුල පතන , තලවකැලේ , ඩයගම පොලිස් ස්ථාන වල නිලධාරින් එක් ව පොලිස් මාර්ග බාධක යොදා ධාවනය වෙමින් තිබු බස් රථ දෙක නතර කර බස් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු සමගි ජන බලවේගයේ ආධාරකරුවන් වෙත පොලිසිය විසින් මහර අධිකරණය විසින් නිකුත් කර වාරණ නියෝගයක් පිලිබදව දැනුවත් කර එම පිරිස ආපසු හරවා යැවිමට  කටයුතු කරනු ලැබුහ.

අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව සහ නුවරඑලිය සිට කොළඹ දක්වා බස් රථ දෙක ධාවනය කිරිමට තාවකාලික ගමන් බලපත්‍රයක් නොමැති බවට සදහන් කරමින් එම පිරිස පොලිසිය විසින් ආපසු හරවා යවනු ලැබුවේ.

උද්ඝෝෂණයට සහභාගි විම සදහා කොළඹ යමින් සිටි පිරිස පොලිසියේ නිලධාරින්ගේ බාධා මැද්දේ බස් රථ වලින් බැස ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයේ නිරතව සිටිහ.

සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතා උද්ඝෝෂණයට සහභාගි වෙමින් කියා සිටියේ රටේ සමස්ත ජනතාව පිඩාවට පත් වි ඇති බවත්, ඒ පිලිබදව රටේ පාලකයින් දැනුවත් කිරිමට කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගි විමට යමින් සිටි පිරිස නතර කිරිමට පොලිසියට කිසිසෙත් අයිතියක් නොමැති බවයි.

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව උද්ඝෝෂණයට සහභාගි විමට නොහැකි නම් , පොදු ජන පෙරමුණ පසුගිය දා කොළඹදි පැවැත්වු සම්මේලනයට සහභාගි වු පිරිසට පමණක් එම නිතිය ක්‍රියාත්මක නොවුවේ කෙසේද යන්න අශෝක සේපාල මහතා මාධ්‍යය හමුවේ කියා සිටිහ.

මේ අතර මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේග සංවිධායක කපිල නාදන්දක මහතාද ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසක් ගිනිගත්හේන ප්‍රදේශයේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි බස් රථයටද ගිනිගත්හේන පොලිස් මුරපොලේදි පොලිසිය විසින් බාධා පැමිණවිම නිසා එම පිරිස පොලිස් මුරපොල අසල උද්ඝෝෂණයට නිරත විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

61,437 views

12 Comments to “SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..”

  1. Dharshana Abeykoon says:

    මුංගෙ අදහස කෑ ගහලා එකෙක් දෙන්නෙක් අතඩංගුවට ගන්නවට.. එතකොට මිනිස්සුන්ට කියන්න පුලුවන්නෙ දේශපාලන දඩයම් කියලා.. චන්ද ගන්න එක ලොකුයි මිනිස්සුන්ගේ ජීවිත වලට වඩා.. මිනිස්සු පාට වලට බෙදිලා තවත් මේ රට විනාස කරනවා.. පුදුම මෝඩ මිනිස්සු..

  2. Power says:

    ආණ්ඩුව රටේ සියළු ප්‍රශ්න කොරෝනා පිටින් දාලා මර්ධනය කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නෙ. ආණ්ඩුවේ ප්‍රශ්න වැඩි වෙනකොට කොරෝනා ආසාදිත ප්‍රමාණය සහ මරණ ප්‍රමාණයත් හිටු ගාලා වැඩි වෙනවා. 😂 රටේ ජනතාවත් ඒක දැන් හොඳට දන්නවා. මේවා හරහා සිදු වෙන්නෙ තව තවත් ආණ්ඩු විරෝධී ජන අරගලයක් නිර්මාණය වීම පමණයි. ඒ නිසා ආණ්ඩුවට හැමදාම කොරෝනා කිය කිය ඉන්ඩ නම් බැරිවෙයි. මොකද තමන්ට විරුද්ධව එන බලවේගයක් විවිධ උපක්‍රම යොදා ගනිමින් මැඩ පවත්වනවා කියන්නෙ, ආණ්ඩුවේ ආසාර්ථකත්වය එතනින්ම හිතා ගන්ඩ පුළුවන්.

    • 3% නැති ජෙප්පා says:

      ආච්චි ගේ, රෙද්ද ඉගුරු දීලා මිරිස් ගත්තා වගෙ වෙනවා. උබල දින්නොත් එහෙම,අනේ නොදකින්

      • Power says:

        උඹලා දැන්වත් ඔය මානසිකත්වයෙන් මිදියං බං. 😂කවුද කිව්වෙ මුන්ට ජන්දෙ දෙන්න කියලා. මුන් රට කරපු හැටිත් අපි හොදට දැක්කනෙ. මමත් ගෝඨාභයට ජන්දෙ දීපූ එකෙක් තමයි. හැබැයි ගෝඨාභය මත්තෙ හරි වෙන මොකෙක් හරි නැහෙන වහලෙක් නෙමෙයි. මම කිව්වෙ යථාර්ථය.

        • 3% Power says:

          රෙද්දක් කියනවා. තෝ පුංචිඅම්මා ගේ රෙද්දේ බෑයක් කියලා අපි දන්නේම නැහැ අප්පා. අපි පව්😦 තෝ කවදද ගෝඨාභය ට ජන්දේ දුන්නේ. රෙද්දේ Power

          • Power says:

            ජන්දෙ දුන්නෙ 2019 නොවැම්බර් 16, හරියටම මීට අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක. උඹලා වගේ ජන්දෙ දීපූ පක්ෂයට, නායකයට වහල්කම් කරන උන්ට ඇත්ත කියනකොට රිදුනට මට කරන්න දෙයක් නෑ බං. සමහර විට තවමත් දෙමාපියන්ගෙ නඩත්තු වෙන උන් වෙන්ඩ ඇති. 😂 ඒකනේ රටේ ප්‍රශ්නයක් තේරෙන්නෙ නැත්⁣තෙ.

    • Jay says:

      විරුද්ධ පක්ෂය ආර්ථිකයට තවත් ප්‍රශ්න ඇති කිරීමට ප්‍රශ්න යොදා ගනිමින් කොරෝනා ව්‍යාප්ත කිරීමට උත්සාහ කරයි.

      • Power says:

        කොරෝනා ව්‍යාප්ත වෙන්නෙ විරුද්ධ පක්ෂයේ වරදින්වත්, මිනිසුන්ගෙ වරදින්වත් නෙමෙයි. රජයේ වරදින්. තවමත් වැඩකට නැති වැක්සීන් ටිකක් ගගහා ඉදලා මාස කිහිපයකට පස්සේ කියනවා නැවත කොරෝනා වර්ධනය වෙලාලු. වැක්සීන් හදපු උන්ම කියනවා ඒවා වැඩක් නෑ කියලා. උන් එහේ එහෙම කියනකොට මෙහේ ඉන්න හාදයෝ ටික වැක්සීන් ගන්න ගන්න කියලා තවමත් යකා නටනවා. මේ වැඩකට නැති වැක්සීන් වලට වියදම් කරපු ඩොලර් මිලියන ගණනක මුදල් මේ රටේ දේශීය වෙදකම නගා සිටුවන්න යොමු කරා නම්, අද අපේ රට කොරෝනා ශුන්‍ය රටක් බවට ස්ථීර වශයෙන්ම පත් කර ගන්න තිබුණා. ආණ්ඩුවටත් ඕනී තවත් මේක වවාගෙන කන්න. එතකොට රටේ ප්‍රශ්න ඔක්කොම ඒකෙන් යට ගහන්ඩ පුළුවන්නෙ.

  3. රටේ මිනිස්සුන්ට කොවිඩ් පතුරවලා, රටට කොවිඩ් බෝකරලා, රටේ ආර්ථිකය බිමට වට්ටලා ඒ රටේම පාලනය ඉල්ලන තොපි වගේ මීහරක්ව කවුද බන් ආයෙමත් බලයට ගේන්න ඡන්දෙ දෙන්නේ ?

  4. MD says:

    සමගි ජනබලය මේ කරන්නේ LTTE ත්‍රස්තවාදීන්ටත් වඩා දරුණු අපරාධයක්.ඵයාලගේ දේශපාලන බඩගොස්තර වාදය මුල් කරගෙන කරන මරාගෙන මැරෙන ප්‍රහාරයක්.

  5. ක්‍රිමිනල් says:

    කොරෝනා වැඩිවෙන්න ඔය උද්ඝෝෂණ හේතුවක්..

  6. David Milli-banda says:

    Do not play around with COVID. They need to find some other way to agitate.