SJB සුලු පක්‍ෂ වැට උඩ.. ආණ්ඩුවෙන් අත වනන තෙක් පිරිසක් බලා සිටී.. එජාපයට යන්න තව පිරිසක්..

August 30, 2020 at 2:10 pm | lanka C news
SJB සුලු පක්‍ෂ වැට උඩ.. ආණ්ඩුවෙන් අත වනන තෙක් පිරිසක් බලා සිටී.. එජාපයට යන්න තව පිරිසක්..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ පක්ෂ අතර ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය උග්‍රවී ඇති බව වාර්ථා වෙයි.

මේ හේතුවෙන් එම බලවේගය නියෝජනය කරන සුළු පක්ෂ විසින් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂයක් නොවන බවත් එය පක්ෂ ගණනාවක සන්ධානයක් බවත්ය.

එනිසා ඉක්මනින් පක්ෂයක් පිහිටුවා ලියාපදිංචි කර දේශපාලන කටයුතු ආරම්භ කරන්නැයි ද ප්‍රේමදාස මහතාට ඔවුන් විසින් දන්වා ඇත.

ඒත් සමගම එම නව පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන්ද යම් ගැටුමක් නිර්මාණය වී තිබේ.

ඇති වී තිබෙන තත්ත්වය මත සමගි ජන බලවේගය නියෝජනය කරන මුස්ලිම් සහ දෙමළ පක්ෂ ඕනෑම මොහොතක ඉන් ඉවත් වීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

ආරාධනයක් ලැබෙන ඕනෑම මොහොතක ආණ්ඩුවට සහාය දැක්වීමට පිරිසක් සූදානමින් සිටින අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා ගත හොත් නැවත ඔවුන් සමග එක්වීමට සූදානම් වී සිටී.

23,589 views

6 Comments to “SJB සුලු පක්‍ෂ වැට උඩ.. ආණ්ඩුවෙන් අත වනන තෙක් පිරිසක් බලා සිටී.. එජාපයට යන්න තව පිරිසක්..”

  1. saman says:

    සුලු පක්ශ ආණ්ඩුවට එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවා රට දැය සමය පුබුදුවා ලිය යුතුයි.

    • Jepi buster says:

      නෑ, අවශ්‍ය නෑ. අපි 2/3 තියන ශක්තිමත් ආන්ඩුවක් හැදුවේ ජාතිවාදී පක්ශ වල පදේට නටන්නෙ නැතුව එක රටක් – එක නීතියක් ඇති රටක් හදන්නයි.

  2. වයි දිස් කොලවෙරි says:

    එජාපයට යන උන් ගියපු දෙන්. අවශ්‍යතාවයක් උනොත් ලේසියෙන්ම ආණ්ඩුවට ගන්න පුළුවන්.
    පිල් මාරු කියන්නේ උන්ට නතින්.

  3. Roshan says:

    One ne ekekwarh. Oon nethuuwa rata hadamu. MCC iramu. Bank Ku horu allamu.

  4. ගරසරප says:

    මේ වෙලාවෙ සුලු පක්ශ සජිත්ව නටවන්න ගිහින් තියන ලබ්බත් නැති කරගන්න හදන්නේ . ලංකාවේ අනිත් උන් වගෙ තමා සුලු පක්ශ වල උනුන් . තන්හාව උපරිමයෙන් . ඒ හින්දම නහිනවා. මේ පාර තමන්ගේ උන් ටිකට පරන යකඩ, වරායෙ හොර බඩු, සතොසෙන් බඩු පන්නල දෙන්න වගේ දේවල් අවුරුදු 5 නෑ කියන්නෙ සෑහෙන හිට් එකක්.
    මුන්ට තියන හොදම ඔප්ශන් එක තමා රනිල් . ඔය අල්ලපනල්ලේ ව්‍යාපාරිකයො ටික කොහොමත් ආන්ඩුවට හේත්තු වෙනවා. කවද හරි සුද්ද වෙන්න ඕන නම් රනිල්ගෙ වල්ගෙ එල්ලෙන්න වෙනවා. එහෙම නැතොත් සිංහල ජනතාව ගෙඩිය පිටින් සජිත්ට දුන්නොත් ආයෙම තව අවුරුදු 5 දුක් විදින ලය්න් එකක් තමා මෙයාලට.

  5. john the baptice says:

    සජිත්ට වෙන්නෙත් රනිල්ට අත් උනු ඉරණමයි (සයනාරා)

Main News