SJB 17ක් ශ‍්‍රීලනිප 11ක් රනිල්ට..?

July 19, 2022 at 12:00 pm | lanka C news
SJB 17ක් ශ‍්‍රීලනිප 11ක් රනිල්ට..?

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 17 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් එකොළොස් දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බව ද වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ ද මන්ත්‍රීවරුන් බහුතර ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට මේ වන විටත් එකඟතාවයට පැමිණ තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර බොහෝ දුරට වික‍්‍රමසිංහ මහතාට සහාය දෙන ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ද දැනගන්නට තිබේ.

136,255 views

48 Comments to “SJB 17ක් ශ‍්‍රීලනිප 11ක් රනිල්ට..?”

  1. Desa says:

    රනිල්ට 85කට අඩුවෙන් ජන්ද ලැබේවි

    • Gamarala says:

      බටලන්දේ රනිල් බලයට පත්කිරීමට උත්සාහ කරන සෑ ම පුද්ගලයකුටම ජනතා සාපය සහ ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනු ඇත ..මුදලට තන්හාවී රනිල්ට සහය පලකරන දේශපාලකයින්ට ජනතා සාපය ලැබෙන බව දැන ගත යුතුයි

    • Nimesh says:

      Wimal,Charith Herath,Champika,Harsha,Udaya,Jayasumana, Fonseka & Gunapala R

      • Nimesh says:

        Wimal,Charith Herath,Champika,Harsha,Udaya,Jayasumana, Fonseka & Gunapala R should be in the cabinet of Dallas.

  2. සෙරෙප්පු සුප්. says:

    ශ්‍රිලනිපෙන් 11ක් රනිල්ටලු.ඉතුරු වෙන්නෙ සිරිසේන​,දයාසිරි,දුමින්ද.තුන් දෙනා ත්‍රීවිලයක් අරන් ගෙදර යයි.

  3. සුමුදු කැලුම් says:

    ජවිපෙ තුනත් රනිල්ට තමයි

  4. හොඳම කෙනා says:

    සිරිසේන හරහා චීනය සජිත්ගේ චන්දෙට මන්ත්‍රීවරු බාන්න සැහෙන්න වියදම් කරන්න හිටියේ, ඇමරිකන්කාරයා ඩලස් ගුන්ඩුව දාලා සජියව කික් අවුට් කරා. චීනේ දැන් හොල්මන් වෙලා ඉන්නේ. උන් දන්නවා ඩලස්ට වියදම් කරලා වැඩක් නෑ ඌ කොහොමත් ඇමරිකන් කියලා.

  5. Vajira says:

    Prostitutes give your price. 30 million???

  6. Wimal de Silvs says:

    බූරු පුතාණෝ සියතින්ම ගෙල කපා ගත්තාද?

  7. අපි පව් says:

    සජිත් ප්‍රෙමදාස මහතා අබීයෝග ගන්න බයයි ඉතින් රට ක් අරන් යන්න පුලුවන් ද . හරීන් හා මනුෂ නානයක්කර කියපු ව හරි වගෙ නෙ

  8. විලියොන්. says:

    දැන් මේ විමල්කියන කාලකන්නියා තමයි සජිත්ගෙ ගුණගායනා කරමින් ඩලස් කියන ෆෙඩරල්වාදියට කඩේ යන්නෙ. මන්ත්‍රීවරුන් අනාරක්ශිත වුනේ අරගල ත්‍රස්තවාදීන් නිසා. ඩලස් පත්වුවහොත් සිදුවන්නේ රට හා පුරවැසියන් තවතවත් අනාරක්ශිත වීමයි. ඒකම ඩලස් කියන පඹයව පරාජය කිරීමට හේතුවක්.

  9. පොදු ජන පෙරමුණ සමග අප says:

    Comments වලින් පැහැදිලිව පෙනෙන්නෙ රනිල් ගේ අන්ත පරාජයයි.

  10. Gamarala says:

    මේ සියලුදෙනාම ජාති ද්‍රෝහීන් ගමට නොගන්න.

Main News