‘Skills’ ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ…
March 3, 2021 at 2:25 am | lanka C news
“හැකියාවෙන් පිරිපුන් පරපුරක්” යන්න තේමා කර ගත් “Skills” ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (02) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණ.
ලෝක ආර්ථිකයට සහ වැඩ බිමට ගැළපෙන නිපුණතා සපිරි සුහුරු මානව සම්පතක් බිහි කිරීම අරමුණු කර ගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය වැඩසටහන ක්‍රියාවට නංවයි.
රැකියා වියුක්ත සමස්ත ජනගහණයෙන් 70%ක් නුපුහුණු ශ්‍රම කාණ්ඩයට අයත් වෙති. පුහුණුව මගින් ඔවුන් රැකියා ඉල්ලුමට සරිලන නිපුණතා සහිත කණ්ඩායමක් බවට පත්කළ යුතුය. “Skills” ශ්‍රී ලංකා වැඩසටහන පාසල් අධ්‍යාපනය හැර යන තරුණ කොටස් සහ රැකියා වියුක්ත හෝ නියුක්ත නිපුණතා රහිත ශ්‍රම බලකාය සඳහා පුළුල් යටිතල පහසුකම් ජාලයක් දීප ව්‍යාප්තව ස්ථාපනය කරයි. දිගු හා කෙටි කාලීන වශයෙන් අංශ 08ක් ඔස්සේ නිපුණතා සංවර්ධනය සිදු කෙරේ.
“Skills” ශ්‍රී ලංකා නිල ලාංඡනය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
තෝරාගත් ක්ෂේත්රවල වෘත්තීය පුහුණුවේ නිරත සිසුන්ට මාසිකව රුපියල් 4,000/-ක ශිෂ්‍යාධාර ප්රදානය ද ජනාධිපතිතුමා විසින් ආරම්භ කරනු ලැබීය.
ජංගම වෘත්තීය පුහුණු ඒකක ලෙස නිර්මාණය කළ බස් රථ 05ක් අද සිට දිවයින පුරා ධාවනය කිරීම වැඩසටහනට සමගාමීව සිදු කෙරේ.
ජනාධිපතිතුමා මේ බස් රථ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපතිවරයා වෙත නිල වශයෙන් භාර දුන්නේය.
රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය “Skills” ශ්‍රී ලංකා පුවත් පතෙහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය. වෘත්තීය පුහුණුව අපේක්ෂිත සිසුන්ට ආරක්ෂික ඇදුම් කට්ටල පිරිනැමීම අගමැතිතුමා අතින් සිදු කෙරිණ.
කුමන විභාගය අසමත් වුවත් අනාගත තරුණ පරපුරේ ජීවිත සමත් කරවීම රජයේ වගකීමක් බව උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. මෙරට තාරුණ්‍යය ලෝකයේ නිපුණත්වයෙන් හෙබි, දියුණු සමාජයට ගැළපෙන වෘත්තීය දැනුමෙන් සන්නද්ධ කිරීමට වගකීමෙන් ක්‍රියා කරන බව ද අග්‍රාමාත්‍යතුමා පැවසීය.
“Skills” ශ්‍රී ලංකා වැඩසටහනට පෞද්ගලික අංශයේ දායකත්වය සනිටුහන් කරමින් Piza Hut සහ Orange ආයතන අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි රාජ්‍ය ඇමතිණි සීතා අරඹේපොළ මහත්මිය වෙත භාර දුන්නේය.
මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Mahinda Rajapaksa is mad man ,he wanted his Sons be next President of Sri Lanka…?
There here is our country has gone lumen classes of Rajapakse Family rule our land by misleading millions of citizens of Sri Lanka .
We are not foolish this in enough! enough!! Enough !!! this man could be out of power soon by next election ……. His time is over.
You should be jvp kuhakayek. Try to appreciate if someone is doing something good to Sri Lanka.
ජනාදිපතිතුමාට නැතිම දෙයක නෙ. පරක්කු වෙලා හරි skills improve කර ගන්න පටන් ගත්ත එක ලොකු දෙයක් ස. නැත්තම් මේ නාන නෑමෙ හැටියට අපිට රටක් ඉතුරු වෙන එකක් නෑ අවුරුදු පහ ඉවර වෙද්දි.
බුදු දහම/ සහා කතෝලික /හින්දු දහම රැකීමට නම් මැදපෙරදිග වහල් සේවය වහාම නතර කරන්න.
෴රනවිරැවන් දිවිපුදා තිස්වසරක් යුධ වැදී ඉන්දියාවෙන් මුදවාගන්නා ලද මාත්රෘභුමිය..ඉදිරියටත් ඉන්දියානුවන් ඇතුඵ බටහිර පාහරයන්ගෙන් මුදවාගැනිමට ලෙයින් මසින් ‘තොපේ හිස්ගෙඩිද සමගන් දන්දී’ තිස් අවුරැදදට සැට අවුරැද්දක්.. ඵකසිය විසි අවුරැද්දක්.. සටන්කිරිමට සුදානම් වි රට පාවාදෙන වංචනික පාහර රාඡපකෂ වඩිගයන් සමග සටනට මුළු රටම ශ්රීලංකාද්විපයම හෙළය්ගේ මාත්රෘෘභුමිය පෙළගස්වන වගයි෴
Great news. Could it be the end of entire Rajapaksa regime!
ගෞතම බුදුන්ගේ පෞරාණික නටබුන් ඇති “හිරිවඩුන්න” පුරාවස්තු කුමන්ත්රණකාරිලෙස ‘ඉන්දියානු ගැතිව’
“දුශ්ඨ බෞද්ධ ලෙසින් පෙනිසිටින දේශපාඵවකුගේ අනුදැනුමෙන්” විනාශ කර දමන ලදී..
වහාම බෞද්ධ සිද්ධස්ථානය බේරාගැනිමට ජනාධිපතිතුමා සහ ත්‍රිවිධ හමුධාව මැදිහත්වි සිදුවන්නට යන මහා විනාශය වැලැක්විය යුතුයි.. ඵය අති පුඡ්‍ය ස්ථානය සංරකෂණය කල යුතුයි..!
Criminals are running the country therefore no place for intellectual education.