SLFP-SLPP අලුත් සන්ධානයෙන් ‘පොහොට්ටුව’ ඉවතට..

January 9, 2019 at 12:02 am | lanka C news
SLFP-SLPP අලුත් සන්ධානයෙන් ‘පොහොට්ටුව’ ඉවතට..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කර පිහිටුවන නව සන්ධානය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවත් ලකුණුද කිහිපයක් සලකා බලමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

නව සන්ධානය සඳහා නම් යෝජනාවේදී පක්ෂ දෙකේම නම් සමග කිට්ටු නමක් මේ වන විට සලකා බැලීමෙන් ඇති බව ද ඔහු සඳහන් කරයි.

දැනට වැඩි වශයෙන් අවධානය යොමුව ඇත්තේ නව සන්ධානයේ සලකුණ ලෙස ‘කුරුණිය’ යොදා ගැනීමට බවත් ‘චක‍්‍රායුධය’ යෝජනා වූ නමුත් එහි ඝණ පිහිටීම හොඳ නැති නිසා එය මදක් පසෙක තැබූ බවද ඔහු සඳහන් කළේය.

‘සල් මල’ සම්බන්ධයෙන් ද සලකා බලමින් සිටින බවත් ඔහු පැවසීය.

එසේම පිහිටුවන පක්‍ෂයේ ලකුණ පොහොට්ටුව නොවන බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන සමඟ සම්බන්ධ වෙමිනි.

127 views

16 Comments to “SLFP-SLPP අලුත් සන්ධානයෙන් ‘පොහොට්ටුව’ ඉවතට..”

  1. mahinda samaga says:

    චන්දය ප්‍රකාශයට පත් කරනකන් ඉන්න, ජනතාව දන්නවා කාටද දෙන්න ඕන කාටද නොදෙන්න ඕන කියල. මු වෙන් පැත්තකට ගියොත් කරදරයි. ඔහේ හිටපුදෙන් එතකන්.

  2. සුදු බණ්ඩා දිසානායක says:

    මම දන්නවා පොහොට්ටුවේ උන් මට චන්දෙදී අරිනවා කියලා …. ඒ නිසා මම එන්නේ ලිස්ට් එකෙන්. ට ටා බායි…

  3. Nuwan says:

    මොකා එකතු උනත් වැඩක් නැහැ, මෙලෝ දෙයක් දන්නේ නැති මී හරක් සිංහල දේශපාලුවෝ ඉන්නකල්, පාට, පක්ෂේ වෙනස් වෙන එක විතරයි. යුද්දේ ඉවර උනයින් පස්සේ මොකද උනේ? හිටපු සිංහල මිනිස්සුත් රට දාල ගියා, හම්බයටම දීපල්ලා. කාලකන්නි ඔක්කොම.

Main News