SLT වෘත්තීය සමිති උප සභාපති අතුරුදහන් කරවලා..? නැවත භීෂනයක්…??

January 30, 2017 at 3:50 pm | lanka C news
SLT වෘත්තීය සමිති උප සභාපති අතුරුදහන් කරවලා..? නැවත භීෂනයක්…??

තම වෘත්තීය සමතියේ උප සභාපතිවරයා හිටිහැටියේ අතුරුදහන් වී ඇති බව සමස්ථ ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති නිමන්ත විජේසුන්දර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

තමන් ටෙලිකොම් ආයතනයට අන්තර්ග‍්‍රහණය කරගන්නා ලෙස ඉල්ලමින් ගිය දෙසැම්බර් 26 වන දින සිට තම වෘත්තීය සමිතය වැඩ වර්ජනයක නිරතව සිටින පසුබිමක වර්ජනය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම අතුරුදන් වීම සිදු කර ඇති බවටද ඔහු චෝදනා කරයි.

පසුගිය 28 වන දා සිට උප සභාපතිවරයා ආගිය අතක් නැතියද කී සභාපතිවරයා අතීත භීෂණය නැවත පැමිණීමට ඉඩ දෙන්නේ නැතැයිද කීය.

0 views
Main News