SM චන්ද්‍රසේනගේ පුත්‍රයා වැරදි පැත්තෙන් පැදවූ කැබ් රථයට යතුරුපැදිකරුයෙකු යටවී බරපතලයි..
July 3, 2017 at 1:20 pm | lanka C news
අනුරාධපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ පුත්‍රයා වන එස්.එම්. ඉසංක චතුරංග විසින් පදවන ලද කැබ් රථයක හැපීමෙන් යතුරුපැදි කරුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර කීරියගස් හන්දිය ප්‍රදේශයේදීය.
පොලීසිය පවසන්නේ කැබ් රථය පාරේ වැරදි පැත්තෙන් පැමිණ යතුරුපැදි කරුගේ මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ 55 හැවිදරි ඒ. මාලිත ගජනායක නම් පුද්ගලයෙකි.
Patalita wage nemai…. meyatanam neethiya akurata kriyathmaka wewi….