SPC ගබඩාවේ පරණ ඖෂධ ජවාරමක්.. රහස් පොලීසියෙන් වටලයි..

October 31, 2017 at 12:40 pm | lanka C news
SPC ගබඩාවේ පරණ ඖෂධ ජවාරමක්.. රහස් පොලීසියෙන් වටලයි..

පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් අද පෙරවරුවේ ගෝනවල පිහිටි රාජ්‍ය ඔෂධ නීතිගත සංස්ථා ඖෂධ ගබඩාවක් දැඩි පරීක්‍ෂාවට ලක් කර ඇත.

කල් ඉකුත් ඖෂධ ඇසුරුම් වෙනස් කර පුද්ගලික ඔසුසැල් සදහා ලබා දෙන්නේ යයි ලද පැමිණිල්ලක් මත මෙම සෝදිසිය සිදු කර තිබේ.

වැටලීම සිදු කරන අවස්ථාවේදීද පුද්ගලික ඔසුසැල්වලට අයත් වාහන කිහිපයක් ගබඩා පරිශ‍්‍රය තුල තිබී ඇත.

ගබඩාවේ ඖෂධ සම්බන්ධයෙන් රහස් පොලීසිය දීර්ඝ ලෙස පරීක්‍ෂා කරමින් ඇති අතර මෙම වංචාව කලක් තිස්සේ සිදුවන්නේ යයිද චෝදනා එල්ල වෙයි.

36 views

One Comment to “SPC ගබඩාවේ පරණ ඖෂධ ජවාරමක්.. රහස් පොලීසියෙන් වටලයි..”

  1. daham says:

    ethanath horakama. meka horakamatama ipadunu aanduwak. dan rajitha mokada kiyanne? kate narivadama ehemamada?

Main News