SPC ලාභය 66% කින් ඉහළට.. සේවක වැටුප් වැඩි කරන්නැයි ඇමති නියෝග…

November 30, 2016 at 2:06 am | lanka C news
SPC ලාභය 66% කින් ඉහළට.. සේවක වැටුප් වැඩි කරන්නැයි ඇමති නියෝග…

ඖෂධ සංස්ථාෙවි ලාභය 66% කින් ඉහළට ගොස් ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි නිරික්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

‘රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2015 වසරේ දී රුපියල් බිලියන 1.2 ක ලාභයක් ලබා තිබෙනවා. 2016 වසරේ දි එම ලාභය තවත් 15% කින් ඉහළ යනු ඇතැයි ඇස්තෙමින්තු ගත කර තිබෙනවා. 2015 වසරේ ලාභයෙන් මිලියන 100 ක් මහා භාණ්ඩාගාරයට බදු වශයෙන් ලබාදුන්නා. එම ලාභය තවදුරටත් වැඩි කර ගනිමින් සේවක සේවිකාවන්ට ලබාදෙන ප‍්‍රතිලාභ වැඩි කරන්න. වැටුප් වැඩි කරන්න. මහා භාණ්ඩාගාරය මත යැපෙන සංස්ථාවක් නොව තම මුදලින් යැපෙන සංස්ථාවක් පවට පත් කර ගන්න. 2015 වසරේ දී සංස්ථාව 66% ක මූල්‍යමය ප‍්‍රගතියක් ලබාගෙන තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි ලාළය වැඩිවී ඇති බව සංඛ්‍යා ලේඛණ වලින් පෙන්නුම් කරනවා. ජනතාව අඩු මුදලට ඖෂධ ලබාගැනීම සදහා සංස්ථාවට පැමිණීම ඊට හේතුවයි.

මම සංස්ථාව නිරීක්ෂණය කිරීමෙන් පසු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් සහ වෘත්තීය සංගම් සමග සාකචිඡුාවක් පැවැත් වූවා. ඔවුන්ගෙන් ලැබුන ඉල්ලීම්වලට අනුව විසදුම් ලබා දී තිබෙනවා. සංස්ථාෙවි වැඩ වලට මම කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැහැ. සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වාධිනව වැඩ කිරිමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන ලෙස පමණයි මම උපදෙස් ලබා දී ඇත්තේ. සේවක අයිතීන් පිළිගත යුතුයි. එම නිසා පාලන අධිකාරිය සහ සේවක ගැටුම් අවම වෙනවා.

ඔසුසැල්වලින් වැඩි වශයෙන් ඖෂධ මිලදී ගන්නේ විශ‍්‍රාමිකයින් වීම ද විශේෂත්වයක්. ඖෂධෙවිදීන්ගේ අන්තර්ග‍්‍රහණය පිළිබච ගැටළුව, වාට්ටු ලිපිකරු ගැටළුව වෘත්තීයස මිති රැස්වීෙමි දී සාකචිඡ කළා. මම ඒවාට විසදුම් ලබාදුන්නා.

මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි විවිධ තනතුරු සදහා නවක පත්වීම් 76 ක් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පිරිනමන ලදි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමට පියවර ගැනීම අගය කරමින් සංස්ථාෙවි සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි යන මහත්වරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු තිළිණයක් ද මෙහිදී පිරිනමන ලදි.

– නිපුන් ඒකනායක

0 views
Main News