SPC සියලුම ඔසුසල් වලින් නොමිලේ ඖෂධ…
November 1, 2017 at 5:30 pm | lanka C news
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද දින (01) දීප ව්‍යාප්තව දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝගී ජනතාවට සිදුවන අපහසුතාවය මගහැරවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල් වලින් නොමිලේ ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
රජයේ රෝහල්වලින් බාහිර හෝ අභ්‍යන්තර ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ වට්ටෝරුව ඔසුසල්වලට ඉදිරිපත් කිරීමෙන් මෙලෙස නොමිලේ ඖෂධ ලබාගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ප්‍රකාශ කරයි.
ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව නිසි අයුරින් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගත් බව ද කළමණාකාර අධ්යක්ෂවරයා අවධාරණය කර සිටියි.
– ප්‍රසන්න අධිකාරි
Misuse of govt funds. Get ready to face FCID under next govt.