SPC සෞඛ්‍ය කඳවුරක්

January 18, 2017 at 2:02 am | lanka C news
SPC සෞඛ්‍ය කඳවුරක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගේ පෙන්වීම යටතේ එම ආයතනයේ සේවක සේවිකාවන් 350 කගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය කඳවුරක් පැවැත්විනි.

සංස්ථා ප්‍රධාන කාර්යාලයේ දී මෙම සෞඛ්‍ය කදවුර ආරම්භ වුයේ එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි සහ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතාගේ සහභාගීත්වයෙනි. විශේෂඥ වෛද්‍ය පී.එම් රත්නායක මහතා සෞඛ්‍ය කඳවුර මෙහෙය වූ අතර, මෙහිදී මුලික පරීක්ෂණ රැසකට සේවක සේවිකාවන් භාජනය කරන ලදි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ ගබඩා සංකීර්ණවල සේවයේ නියුතු සේවක සේවිකාවන් වෙනුවෙන් ද ලබන 19 දා තවත් සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට නියමිතය.

– නිපුන් ඒකනායක

0 views
Main News