STFට පහර දීමෙන් පසු යාපනයේ ආරක්ෂාව දැඩි කෙරේ…
March 19, 2019 at 5:30 pm | lanka C news
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ට පහරදුන් කාන්තාවන් දෙදෙනා ඇතුලු 6 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් මස 01 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කොට සිටියේය.
අරියාලෙයි ප්‍රදේශයේදී වැලි ජවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ නොසන්සුන්තාවයේදී ජාවාරම් කරුවන්ගේ පහරදීමෙන් රෝහලගත කෙරුණු පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් තිදෙනාද රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
මේ අතර අරියාලෙයි ප්‍රදේශයේදී නොසන්සුන්තාවය ඇතිවූ ප්‍රදේශය ඇතුලු මාර්ගයන්හි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ආරක්ෂාව දැඩි කොට ඇති අතර වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාද පුලුල් සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමටද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
TNA ekayi para demellu tikakuyi saththama daanne uthuren Hamudaawa ayin karanna ekayi….yako ape hamudaawe dan konda kadala thiyenne me ponna napunsaka haththa….!!!
That should be the Tactical approach to handle the issue. Now they will feel that where they are.(illegal sand miners)