STF අණදෙන නිලධාරියාට වල් අලි ප්‍රහාරයක්…

July 1, 2018 at 6:48 pm | lanka C news
STF අණදෙන නිලධාරියාට වල් අලි ප්‍රහාරයක්…

වැලි ජාවාරමක් අත්අඩංගුවට ගැනීමට ගිය මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසකට වන අලි පහරදීමකින් පොලිස් පරික්ෂක වරයෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බවට මාන්කුලම් පොලීසිය කියා සිටියේය.

මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ 15 කිලෝමීටර් කනුව අසල පිහිටි කැලෑවට ඊයේ (30) අලුයම මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් විශේෂ වැටලීමකට ගොස් ඇත්තේ අනවසර වැලි ජාවාරම් පිළිබද ලැබුනු තොරතුරකට අනුවය පසුව කැලෑවේ පිහිටි ඇලක් ආසන්නයේදී එක්වරම පැමිණි වන අලියෙකු විසින් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් පසුපස පන්නා ඇති අතර එහිදී වන අලියාගේ පහරදීමකින් පොලිස් පරික්ෂක වරයා තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.

රෝහල්ගත කෙරුනු මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා  කදවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.එම්.එස්.ඩී දිසානායක මහතාගේ තත්වය බරපතල නොවන බවට කිලිනොච්චිය රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28 views

One Comment to “STF අණදෙන නිලධාරියාට වල් අලි ප්‍රහාරයක්…”

  1. ධනපාල says:

    පාලිත අලියව කුලප්පු කරල එව්වද දන්නෑ

Main News