STF හිටපු ප‍්‍රධානියා රිමාන්ඞ් කිරීම නොහොබිනා කි‍්‍රයාවක්.. යහපාලන හෙල උරුමයත් කියයි..

November 26, 2016 at 8:02 am | lanka C news
STF හිටපු ප‍්‍රධානියා රිමාන්ඞ් කිරීම නොහොබිනා කි‍්‍රයාවක්.. යහපාලන හෙල උරුමයත් කියයි..

පොලිස් විශේෂ කාර්ය බලකා හිටපු ප‍්‍රධානියා රිමාන්ඞ් කිරීම නොහොබිනා කි‍්‍රයාවක් බව ජාතික හෙළ උරැමය පවසයි.

පක්‍ෂ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රි වර්ණසිංහ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

STF හිටපු අධිපති රිමාන්ඞ් කිරීම නොහොබිනා කි‍්‍රයාවක්.

පොලිස් විශේෂ කාර්ය බලකයාට අයත් ජිප් රථයක් විශ‍්‍රාම ගැනීමෙන් පසුව භාවිතයට ගැනීමෙන් රුපියල් 140,000කට ආසන්න මුදලක් අවභාවිතා කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති (කේ.එල්.එම්.සරත්චන්ද්‍ර මහතා) රිමාන්ඞ්භාරයට ගැනීම අනුමත කළ නොහැකි නොහිබිනා කි‍්‍රයාවකි. හිටපු STF අධිපති සරත්චන්ද්‍ර මහතා විශේෂ කාර්යබලකාය තුළ හිටපු සුවිශේෂ දක්ෂ නිලධාරියෙක් වන අතර රටේ ජාතික ආරක්ෂාවට අදාළවත්, ප‍්‍රභූ ආරක්ෂාවට ආදාළවත් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ නිලධාරියෙකි.

ත‍්‍රස්තවාදය පැවති සමයේ නැගෙනහිර පළාතේ ආරක්ෂාව සම්බන්ධව අමිල මෙහෙවරක් ඉටුකළ එම නිලධාරියා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හා ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවූ කීර්තිමත් නිලධාරියෙකි. රට පිළිබඳවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙනුත් ඉතාම වගකීමකින් කටයුතු කළ එම නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ජිප් රථයක් අවභාවිතාව සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට ගැනීම විමතිය දනවන්නකි.

මේ රටේ යුදජයග‍්‍රහණයට මුවා වී ජාති පේ‍්‍රමීන් දේශපේ‍්‍රමීන් ලෙස පෙනී සිටිමින් කෝටි ප‍්‍රකෝටි ගණන් ජාතික ධනය හොරකම් කළ, කොල්ලකෑ දුෂිත දේශපාලඥයින් නිදැල්ලේ සිටිමින් මාධ්‍ය ඉදිරියේ බඩපිලූන් ගසද්දි මෙවැනි සුඵ සිද්ධියකට එම නිලධාරියා රිමන්ඞ් ගත කිරීම රට පිළිබඳවත් රටේ ආරක්ෂාව පිළිබඳවත් කල්පනා කරන කෘතවේදී මැදහත් ජනතාව අනුමත කරන්නේ නැත.

දුෂණ සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කරන ආකාරය පුදුමය දනවන්නකි. අවසාන වශයෙන් කිව යුතු වන්නේ ස්පාඤ්ඤ වියතෙකු වූ නීතිය  සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය මෙම සිදුවීමට කදිමට ගැලපෙයැයි අපි සිතමු. ඔහු නීතිය මකුඵ දැළකට සමාන කර ඇත. මැස්සන් එහි පැටලේ. උකුස්සන්ට පියාඹායන්නට බාධාවක් නැතිබව ඔහු ප‍්‍රකාශ කර ඇත.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්

6 views

3 Comments to “STF හිටපු ප‍්‍රධානියා රිමාන්ඞ් කිරීම නොහොබිනා කි‍්‍රයාවක්.. යහපාලන හෙල උරුමයත් කියයි..”

  1. Amila says:

    Hela Urumaya get lost!

  2. Nareen says:

    Kavru kalath varadata danduvama urumai.eya obatath matath janathaavatath ekaya. Namuth ahasa usata vanchaa duushana kala evun thavama nidalle. Thoru moru allanne nathiva podi deval passe elaveema ithaamath nindithai. Aanduva karavana loku lokko thaman chandeta issara janathaavata porondu une monavaadai mathak kara ganna.

  3. singha01 says:

    කන්න ඕන උනාම ඕනම කබරගොයෙක් තලගොයා වෙනවලු. මේ රටේ කිසිම දවසක එකම නීතියක්වත් කඩපු නැති එකෙක්වත් ඉන්නවද? එහෙම නම් වැරදි තැනින් පාර පැනපු එකාවත් අවුරුදු පහකට පස්සෙත් අල්ලන් ගිහින් දඩ ගහන්න පුලුවන්. මේව කරන එවුන්ට තෙරෙන්නෙ නැද්ද මේ පාන්ඩුව කව්දා හරි නැති වුනාම ඔය පරිප්පුව ඒගොල්ලන්ටත් කන්න වෙනව කියල.

Main News