T-56 පතුරම් 2000 කට ආසන්න හමුවෙයි…

October 18, 2021 at 2:16 am | lanka C news
T-56 පතුරම් 2000 කට ආසන්න හමුවෙයි…

මුලතිව් ප්‍රදේශයේ ස්ථාන දෙකක සඟවා තිබූ භාවිතයට සුදුසු ටී.56 පතුරම් 1930 ක් සොයාගත් බවත් පතුරම් ලඟ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවද මුලතිව් පොලීසිය පවසයි.

මුලතිව් තීර්තක්කරෙයි ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කරමින් සිටි පිරිසකට එහි තිබී ටී.56 පතුරම් තොගයක් හමු වී ඒ පිළිබඳම මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂාවකදී එහි තීබී ටී.56 පතුරම් 1529 ක් සොයා ගනු ලැබීය.

සොයාගත් ටී.56 පතුරම් තොගය මුලතිව් පොලීසියට භාර දීමට පොලිස් විශේස කාර්ය බලකාය විසින් පියවර ගත් අතර එම පතුරම් භාවිතයට සුදුසු තත්වයේ තිබීම හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු ළිඳට දමන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සැක පල කර සිටියි.

මේ අතර මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේදී මුලතිව් පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකරන ලද පරික්සණයකදී නිවසක් තුල සඟවා සිටි ටී.56 පතුරම් 401 ක් සහ ගංජා ග්‍රෑම් 02 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක පමණ පුද්ගලයෙකු වන අතර ඔහු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,143 views

8 Comments to “T-56 පතුරම් 2000 කට ආසන්න හමුවෙයි…”

  1. Saleem says:

    අටුළුගම මුස්ලිම් ගෙයක දැලිපිහියක් තියෙනවා කියන ආරංචියටම V8 එකෙ නැගලා හෙංචයියෝ පිරිවර පිටිං එහෙ යන නානසාරයා දැං මේක ගැන හොයන්න මුලතිව් යයිද? ගියොත් දෙමළුන්ගෙන් ගූටි කාල තමයි එන්න වෙන්නෙ.

    • Kumudika says:

      විජාතික අරාබි බල්ලා මෙ රටෙ භුමිපුත්‍රයො අපී ඉගෙනගනින් අපෙ හාමුදුරුවන්ට කතාකරන්න,තොපෙ උල්ම් වෙසිගෙ පුතාල වගෙ නෙවෙයි මෙරටෙ හාමුදුරුවරු .තොපි පිටින් ආපු ගෙරි බල්ලො

  2. LalithM says:

    මුලතිව් නම් ගේමක් නෑ.පුහ් කොළඹ එහෙම වුනානම් ඥාණසාරකරනය කරන්න වෙනවා.

  3. Darshana abayakoon says:

    මේ දවස් වල හරියට පුපුරන ද්‍රව්‍ය අහුවෙනවා. ඉක්මනටම පලාත් සභා චන්දෙ තියයි වගේ.

  4. Simon says:

    Chade lagine aude hambanawa

  5. Felix says:

    Badu Hari Wage…. Mun Aaaye Aathal Eka Ganna Hadanne…. Thawa Avrudu 3 Thiyenne…. ?

  6. Gon athal says:

    🤣🤣🤣🤣🤣😂😂😂😂

  7. dewa says:

    owa thibuna gabadawatama gihin dapan minissu hinassawanne nethuwa

Main News