TNA උතුරේ යලි කොටි පෙරහුරු.. ගුරුකන්ද රජමහා විහාරයට කඩා පැන බලහත්කාරයෙන් පොංගුතමිල් උත්සවයක් තියති..

January 16, 2019 at 3:32 am | lanka C news
TNA උතුරේ යලි කොටි පෙරහුරු.. ගුරුකන්ද රජමහා විහාරයට කඩා පැන බලහත්කාරයෙන් පොංගුතමිල් උත්සවයක් තියති..

මුලතිව් ‘නයාරූවල’ පිහිටි ගුරුකන්ද පුරාණ රජමහ විහාරයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා 14දා එහි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.

විහාරස්ථානයට ඇතුළු වූ පිරිස විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට බැන වැදී තර්ජනය කිරීමෙන් අනතුරුව එහි බලහත්කාරයෙන් පොංගු තමිල් උළෙලක් පැවැත්වීමටද කටයුතු කළහ.

එහිදී ගුරුකන්ද විහාරස්ථානයෙහි ඒ වනවිට සිටි බෞද්ධ බැතිමතුන් කණ්ඩායමක් සහ පොංගු තමිල් උත්සවයක් බලහත්කාරයෙන් පැවැත්වීමට කටයුතු කළ පිරිස අතර කලහකාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය සහ යුද හමුදාව මැදිහත් වීමෙන් එය සමථයකට පත් කරන ලදී.

විහාරස්ථානය තුළ බලහත්කාරයෙන් පවත්වන ලද පොංගු තමිල් උළෙලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ ප්‍රාදේශීය දේශපාලකයෝ පිරිසක්ද සහභාගි වී සිටියහ.

– mawbima

16,242 Viewers

5 Comments to “TNA උතුරේ යලි කොටි පෙරහුරු.. ගුරුකන්ද රජමහා විහාරයට කඩා පැන බලහත්කාරයෙන් පොංගුතමිල් උත්සවයක් තියති..”

  1. The citizens says:

    Donot disturb . It is Ranil’s , Chandrika’s , Anura’s and also inclusive of Mangala’s , Rajitha’s , Champika’s and Adadabara Amila’s overflowing “SAHAJEEVANAYA “throughout the country.

  2. Helaya says:

    The present rulers , only want the Sinhala people to show “SAHAJEEVANAYA ” in their areas. The Sinhala people have shown it exceedingly , as 60 per cent of the Tamil people live happily in the Sinhala people dominated areas , doing their jobs or businesses.Have they shown it, towards Sinhala people in their areas, in return? Prior to 1215 ,before Arya Chakravarti ‘ s Regime , the Buddhists have lived for centuries , as evidenced by the History records , inscriptions and archaeological monuments , including religious places like Nagadeepa..

  3. Wijebahu says:

    කොහොමද අපේ දමිල සහෝදර වරුන්ගේ දෝරෙ ගලන සංහිදියාව?

  4. ගැට්ටා says:

    මව්බිම පච පත්තරේ බොරු පතුරවනවා
    කළු මාධ්‍ය තහනම් කරනු

    • Love nature says:

      සිරිසේන ,රනිල් කොන්දක් නැති රුකඩ පාලකයන් පාර්ලිමේන්තුව විසුරුවාහැර ගෙදර යනු
      මේකද උතුරේ දෙමළ සංහිදියාව ? මිනිසුනේ නැගිටපල්ලා ,,මේ ආණ්ඩුව විසුරුවාහරින තුරු පාරට බැස උද්ගෝෂණ කරව්
      පේනවා නේද උතුරේ බෞද්ධයන්ට කරන හිරිහැර ..තවත් අපි බලා සිටිය යුතුද ?

Main News