TNA උතුර පුරා කොටි සමරති.. ලක්ෂයක් සංහාරය කලා කියා පරීක්ෂණ ඉල්ලති..
May 13, 2017 at 3:50 pm | lanka C news
දෙමල ජාතික සන්ධානය විසින් සංවිධානය කරන ‘ජන සංහාර සතිය’ සැමරුම් මේ වන විට උතුරු පළාතේ ස්ථාන කිහිපයකම පැවැත්වෙයි.
උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ගේ ප්රධානත්වයෙන් මැයි 18 වන දින අවසන් සැමරුම පැවැත්වෙන්නේ යයි දෙමල සන්ධාන උතුරු පළාත් මන්ත්රී කේ. සිවාජිලිංගම් මහතා පවසයි.
දෙමල ජනතාව ලක්ෂයකට වැඩියෙන් සංහාරයට ලක් වූ බවද පවසන ඔහු ඊට විදේශීය මැදිහත් වීමෙන් සාධාරණ පරීක්ෂණයක්ද ඉල්ලා සිටී.