TNA ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට කාකොටාගනී.. වසර දෙකහමාර බැගින් දෙදෙනෙකු බෙදාගනී…

August 25, 2020 at 12:00 pm | lanka C news
TNA ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට කාකොටාගනී.. වසර දෙකහමාර බැගින් දෙදෙනෙකු බෙදාගනී…

දෙමළ ජාතික සන්ධානයට මෙවර මහ මැතිවරණයෙන් හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය දෙදෙනකු අතර බෙදා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක් අයකු මන්ත්‍රීධූරය වසර දෙකහමාරක කාලයක් දැරීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානය විසින් පත්කර යවා තිබෙන තවරාසා කලෙයි අරසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පලමු වසර දෙකහමාරක කාලය දරනු ඇති අතර ඊළඟ වසර දෙක හමාර මාවෙයි සේනාධිරාජා මහතා විසින් දරනු ඇත.

නමුත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් මහ ඇමැති ධුරය සඳහා සේනාධිරාජා මහතා තරග කිරීමට තීරණය කර ඇති අතර ඔහු මහ ඇමැති ධුරයට පත් වූවොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බෙදා ගන්නා අනෙක් තැනැත්තා යළි නම් කරන බව දෙමළ ජාතික සන්ධානය කියා සිටී.

13,339 views

5 Comments to “TNA ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට කාකොටාගනී.. වසර දෙකහමාර බැගින් දෙදෙනෙකු බෙදාගනී…”

  1. Lankaputha says:

    2 car permits?

  2. සනත් ඉතාලිය says:

    එතකොට මේ දෙන්නටම කාර් පර්මිටි ලැබෙනවද

  3. බිල්ල says:

    එතකොට මේ දෙන්නටම duty free වාහන දෙකක් දෙනවද? පිරිමි නර්ස් නම් මාසේ මන්ත්‍රීකමට duty free වාහනයක් ගත්තා. වාහනේ මන්ත්‍රීකමට link කරලා දුන්නොත් හොඳයි. නැතිනම් ජයම්පති වික්‍රමරත්න පිරිමි නර්ස්ට විකුණුව වගේ අනිත් උනුත් විකුනාවී.

  4. ගිරවා says:

    BAN TNA TERRORIST PARTY .TNA ,No need to go to parliament

  5. THILAK says:

    VEHICLE EKAI

Main News