TNA තවත් කැඩෙයි.. පතුරක් ගැලවී එජාපයට..

December 10, 2017 at 12:40 pm | lanka C news
TNA තවත් කැඩෙයි.. පතුරක් ගැලවී එජාපයට..

වව්නියාව නෙඩුන්කේනි දෙමළ ජාතික සන්ධානයේ හිටපු සභාපති වරයෙකු ඇතුලු පිරිසක් අද (10) වව්නියාවේධී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකතවය ගනු ලැබීය.

වව්නියාවේ විශාලතම ප්‍රාදේශීය සභාවලින් එකක් වන වව්නියාව උතුර නෙඩුන්කේනි ප්‍රාදේශීය සභාවේ දෙඹල ජාතික සන්ධානයේ හිටපු සභාපති වූ එම්.බාලසුබ්‍රමණියම් මහතා ඇතුලු 20 කට ආසන්න පිරිසක් අද වව්නියාවේ පිහිටි පෞද්ගලික හෝටලයකදී එක්සත් ජාතික පක්ෂ වව්නියාව ප්‍රධාන සංවිධායක පී.ඒ.කරුණාදාස මහතා ඉදිරියේදී පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.

එහිදී හිටපු සභාපතිවරයා කියා සිටියේ පසුගිය සමයේදී දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබා දීම වෙනුවට පෞද්ගලික බල ලෝබීත්වය වෙනුවෙන් ක්‍රියාකිරීම හේතුවෙන් බොහෝ පිරිසක් පක්ෂය සම්බන්ධයෙන් කල කිරීමකට ලක් වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට කටයුතු කළ බවටත් වතමන් රජය යටතේ ප්‍රදේශයේ ජනතාවට එමගින් සේවයක් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10 views

One Comment to “TNA තවත් කැඩෙයි.. පතුරක් ගැලවී එජාපයට..”

  1. analyst says:

    Unp eke laksha 27 chanda padanamata thawath adumagane laksha 2 kak hari ekathuwei. Natham kohomada rajapakshalage thani laksha 58 ka chanda padanama ekka unp satan karanne. Ohoma anith pakshawalin chanda podda podda unp kada ganna oney.

Main News