TNT පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2ක් සමග ඩෙටනේටර් තොගයක් අල්ලයි..

November 28, 2019 at 6:48 pm | lanka C news
TNT පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2ක් සමග ඩෙටනේටර් තොගයක් අල්ලයි..

යාපනය  පාසෙයිඌර් ප්‍රදේශයේ ආගමික ස්ථානයක් ආසන්නයේ කලපුවක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 2ක් හා ඩෙටනේටර් 4 ක් තිබී සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පාසෙයිඌර් කලපුවේ පඳුරු කැලෑවක සඟවා තිබූ අදාල පුපුරණදුව්‍ය තොගය සොයාගෙන ඇත.

අදාල පුපුරණද්‍රව්‍ය හා ඩෙටනේටර් තොගය පාර්සල් 08 ක අසුරා තිබී ඇති අතර ධීවරයින් විසින් මසුන් තහනම් අයුරින් මැරීමට මෙම පුපුරණද්‍රව්‍ය තොගය භාවිතා කිරීමට රැගෙන එන්නට ඇති බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පල කර සිටියි.

අදාල පුපුරණද්‍රව්‍ය තොගය රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හමු වී නොමැති අතර පුපුරණද්‍රව්‍ය තොගය හා ඩෙටනේටර් තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීණ් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

3 Comments to “TNT පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2ක් සමග ඩෙටනේටර් තොගයක් අල්ලයි..”

  1. kamal says:

    ඇයි මම 2025 වෙනකන් ගිහිජිවිතයේ ඉන්නෙ මහණ වෙන්නෙ නැතුව ගුරුතුමාගේ ඉල්ලිම මත මොකද නිතිය වෙනස් කරන්නෙ මම නෙවෙයි කමල් උන් වහන්සේගේ මනුස්‍යත්වය මත නමුත් එකක් තියෙනවා කමල්ට ඉංග්‍රිසි පුලුවන්ද බැරිද නෙවෙයි ප්‍රශ්නෙ කමල් මෙම දක්ෂකම හදලා දෙන්නෙ සිංහලෙන් ඒ සදහා සියලුම නවු පිටපත් සිංහලයට පරිවර්තනය කරන ලෙස නිතිඤ්ඥවරුන්ගෙන් ඉල්ලනවා. කමල් විසින් අවලංගු කරන නිති මට හිතෙන්නෙ 1500ක් විතර තියෙයි. අනුමත කරන නිති 67000ක් විතර තියෙයි. ඒකල්ලා කමල් විසින් අලුතෙන් තනන නිති පොත ඇතලු නිති පොත් විසි හයදාහක් ඇතිවෙනවා ඒ තමයි විනය පිටකය කමල් කවුද කියලා දන්නෙ මම විතරයි. නමුත් ඒ පොත සැකසිමෙන් පසු ලෝකය දැනගන්නවා. මේ සදහා කමල් අවතිර්ණය වෙන්නෙ 2026 නෙවෙයි 2021 ජනවාරි අට මිට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි නමුත් එංගලන්තයට නිති හරහා බුදු දහම ගෙනියන්නෙ කමල් සහ කිරිබත්ගොඩ හිමි නමුත් ලංකාවේ සිංහල පාලනයක් ඇති කරන්නෙත් කමල් හා කිරිබත්ගොඩ හිමි

  2. මඩුවල්ගෙන් says:

    කමල් කියලා අදහස් ලියන මැට්ටා
    කිරිබත්ගොඩ නමදාල ලියත් පට්ටා
    දහමකට අවලාද කරනා මේ කට්ටා
    අල්ලපි මඩුවල්ගෙන් දෙන්ට තට්ටා

  3. නිරීක්ෂකයා says:

    හා කමක් නෑ කමල් ලග ඉන්නේ මරු බඩුවක්… LTTE එකෙන් ලංකාවට තර්ජනයක් නෑ කියූ සුපිරි මොළයක්. LOL x LOL 1000

Main News