Top10 චෝදනා බොරු.. මං නිවැරදිකරුයි.. රාජිත තමන්ට එරෙහි චෝදනාව තමන්ම විභාග කරගෙන තීන්දුවත් දෙයි..

March 1, 2017 at 6:48 pm | lanka C news
Top10 චෝදනා බොරු.. මං නිවැරදිකරුයි.. රාජිත තමන්ට එරෙහි චෝදනාව තමන්ම විභාග කරගෙන තීන්දුවත් දෙයි..

ඒකාබද්ධ විපක්ෂය තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ටොප් 10 යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වන ලදි.

“ඒකාබද්ධ විපක්ෂය ටොප් 10 යටතේ චෝදනා අද මට ඉදිරිපත් කර තිඛෙනවා. එම චෝදනා අමූලික බොරු. සෞඛ්‍ය අමාත්‍යාංශයට කාටවත් අවශ්‍ය පරිදි ඖෂධ ගෙන්වන්න බැහැ. ඖෂධ ගෙන්විය හැක්කේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණයි. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ ජාවාරමක් තිබුනා. ඖෂධ සමාගම්වල මුදල් මත තමයි ඒකාබද්ධ විපක්ෂය අද අදහස් පළ කරන්නේ. එදා එම පුද්ගලයින් වර්තමාන ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යධූරයේ රාජකාරී කටයුතු සිදු කිරීෙමි දී ඊට බාධා එල්ල කළා. රාජපක්ෂ පවුලේ පිරිස් ඖෂධ කොල්ලයට සම්බන්ධ වී සිටියා. සමාගම් සමග ගණුදෙනු කළා. පැහැදිලි චෝදනා තිඛෙන අතර, ඒවා ඔප්පුවෙමින් පවතිනවා. කිසිදු ක්‍රමවෙිදයක් නොමැතිව ඖෂධ සහ ශල්‍ය උපකරණ ඇතැම් අවස්ථාවල දී ලබාගෙන ඇත්තේ රජගෙදර උපදෙස් මතයි. ලිනීයර් ඇක්සෙලේටර් නැමැති ශල්‍ය උපකරණය මිලදී ගැනීම ඊට හොදම උදාහරණයක්. එම උපකරණය ඩොලර් මිලියන 08 ක් අඩුවෙන් ලබාදීමට ආනයන සමාගම අද මට පොරොන්දු වී තිඛෙනවා.

පිළිකා ඖෂධ සම්බන්ධයෙන් ද ජාවාරමක් තිබුනා. එක්තරා බහුජාතික සමාගමක් රුපියල් දෙලක්ෂ 85,000 කට පිළීකා ඖෂධයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී තිබුනා. වෙනත් කිසිම සමාගමකට එම ඖෂධය ආනයනය කිරීමට ඉඩ ලබාදුන්නේ නැහැ. නමුත් ඊට ආදේශකයක් හදුන්වා දුන් පසු ඖෂධය රුපියල් එක්ලක්ෂ 40,000 දක්වා අඩු වුනා. එක් ඖෂධයක් පමණක් නොවෙයි ඖෂධ ගණනාවක මෙම ජාවාරම සිදුවී තිඛෙනවා. අද දින මාධ්‍ය හමු පවත්වමින් චෝදනා එල්ල කරන ඒකාබද්ධ විපක්ෂයේ අය ඖෂධ ගැන, වෛද්‍ය විද්‍යාව ගැන, ඖෂධ ජාවාරම් ගැන දන්නේ නැහැ. අවබෝධයක් නැති අය තමයි කථා කරන්නේ. ඒ ඖෂධ සමාගම්වල වුවමනාව මතයි. ලැඡ්ජා නැති මහත්වරු ඖෂධ ගැන මාධ්‍ය හමුවල දී කථා කිරීම විලිලැඡ්ඡාවක් බව මම කියන්න කැමැතියි. මට පහර ගැසීමට ඇතැම් පත්තරවලට උදවි කිරීමට පසුගිය කාලයේ දී ඇතැමුන් උත්සාහ කළා. ඇවන්ගාඩි සිද්ධිය එවැනි උදාහරණයක්. රුසියාවෙන් ආනයනය කළ පිළිකා ඖෂධය භාවිතයට සුදුසු බව ප්‍රකට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජයන්ත බලවර්ධන මහතා ද තහවුරු කර තිඛෙනවා. ධීවර වරාය සංවර්ධනය කිරිම පිළිබද චෝදනාව ගැන මට කියන්න තිඛෙන්නේ චෝදනා ඉදිරිපත් කිරිමට ඔිනෑම අයෙකුට හැකියාවක් ඇති බවත්, ඒවා ඔප්පු කළ යුතු බවත්ය.” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

16 views

6 Comments to “Top10 චෝදනා බොරු.. මං නිවැරදිකරුයි.. රාජිත තමන්ට එරෙහි චෝදනාව තමන්ම විභාග කරගෙන තීන්දුවත් දෙයි..”

  1. sky says:

    රාජිතගේ කෙරුවාව
    “රාජිත සේනාරත්න විසින් මූල්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔප්පු කරන්න අපිට පුළුවන් .ඖෂධ මිල අඩු කලාය , සේනක බිබිල ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූවා .බෙහෙත් මිල අඩුයි කියලා රූපවාහිනි සහ පත්තරවල දැන්වීම් දාලා ,කටවුට් ගහලා මහා හාස්කමක් කලා වගේ පෙන්නුවා .
    Read more at http://lankanewsalert.com/archives/61188#Sjg03idjpyMI4iQO.99

  2. maraya says:

    මේ කපටි දත් දොස්තර හිතාගෙන ඉන්නෙ සිංහල බෞද්ධයො හරක් කියලාද..??
    අපරාදෙ කියන්න බෑ… මෙයා මේ කථාවෙන් ජහ පාලනේම පටි රෝල්

  3. asaranaya says:

    රාජිතයා මොන්ටිචෝරු චතුරායගෙන් උපදෙස් ගෙන නඩුව විසඳයි

  4. abaran goyyaa says:

    Anee mehema aasaawak…..Ane mehema thanhaawak……Labeda ane sanasimak….maraneta pasu lodiya thamaa bonna wenne neda hutan.

  5. sutin says:

    rajithata kalin my3ne amathi wela hitiye etakota minihada hora

  6. wije says:

    ow owww Chaturayata kiwanam hari me piyata upades denna kiyala. Mekage Massina ara human rigtht karaya Doller kakka marunane. mekatat ehema tama wenne. hitapu gaman adagena watenna one.

Main News