Toyota ෆැක්ටරියක් ලංකාවට..

October 9, 2020 at 12:40 pm | lanka C news
Toyota ෆැක්ටරියක් ලංකාවට..

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආයෝජනය පිණිස ජපන් ආයෝජකයන් ඉදිරිපත්ව සිටීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවත් අප රට කෘෂිකර්මාන්තය පදනම් කරගත් රටක් බැවින් අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සඳහා ජපන් ආයෝජකයන්ට ඇරයුම් කර සිටින බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොල්ලුපිටිය, ගාලු පාර, 73/1 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී ඒ මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික – ආගමික වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති සබඳතාව පිළිබඳව මෙහි දී සිහිපත් කළ ජපාන තානාපතිවරයා අද ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනට සහයෝගය ලබා දීමට ජපාන ආයෝජකයන් හා ආයතන ඉතා කැමැත්තෙන් සිටින බව මෙහි දී පැවසීය. ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන ආයෝජකයන් සඳහා දිය හැකි උපරිම සහන ලබා දීමට කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වන බව ද අමත්‍යවරයා ඊට පිළිතුරු වශයෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සීමා කිරීම වසර 10ක් අඛණ්ඩව පවත්වා ගෙන ගියහොත් මෙරට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට හැකි බවට ටොයොටා ලංකා සමාගමේ නියෝජිතයන් තමන් හමු වී පැවසූ බව මෙහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා ජපාන තානාපතිවරයාට සිහිපත් කළේය. ජපාන තානාපති සුගියාමා අකිරා මහතා පවසා සිටියේ ජපානයේ ටොයොටා මව් සමාගම සමඟ ද සාකච්ඡා කොට ඒ පිළිබඳව ධනාත්මක තීරණයක් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසන බව ය.

මෙම අවස්ථාවට ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම්, දේශපාලන අංශයේ ප්‍රධානී ඔසාකි ටකෙෂි සහ තෙවන ලේකම්, (සංස්කෘතික සබඳතා සහ රාජ්‍ය සබඳතා) කවකාමි අෂූසා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් අනුෂ්ක ගුණසිංහ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,

136,465 views

32 Comments to “Toyota ෆැක්ටරියක් ලංකාවට..”

  1. ashan says:

    ජපානෙනෙ ලැබුන අඩු පොලී දුම්‍ රිය පද්දතිය නොගත් අපිට ඉදිරියේ එවන් රටවල් වලින් උදව් ලැබේද සැකයි

  2. Mangala says:

    මෙතන කොටන 90% ක්ම කොටන්නේ කිසිම දැනුමක් ඇතිව නෙවෙයි. ඉන්දියාවේ මේ ක්‍රමය පටන්ගත්තේ 1991 මන්මොහන් සිං. දැන් එහේ Toyota, Mitshubishi, massey Furguson, Kubota, Yanmar ආදී කී නොකී සැම වාහනයක්ම එකලස් කරනවා සහ නිෂ්පාදනය පවා කරනවා.

  3. thissa says:

    බොරු නාට්‍යක් රංග දක්වල සැප කාර් තුන්සිය ගණනක් ලංකාවට ගෙන්නුවා නේද ? පොඩි උන්ට තමා ඔක්කොම හොඳ නැත්තේ ,කැප කිරීම් කරන්න ඕන .

  4. Dr Wasana Nalinda says:

    Good talks wimale, keep it up thr good work.

  5. Mr. Alert says:

    No Danna nisa ahanne……me Japanata Sinhala therenawada???!!

    • Just says:

      No they don’t understand Sinhala. They don’t even understand Chinese, Korean, French, German, Spanish, Danish and Polish etc. Also, peopple in those countries don’t understand Japanese either. But, Japs do business with Chinese, Korean, French, German, Spanish, Danish and Polish etc, by comunicating through interprters/ translators. It is the Idiots like Mr. Alert who think that one must have fluency in other languages to do business. What an idiot is this Gon Mr. Alert?

  6. සුබ දායක ආරංචියක්

  7. sunimal says:

    ඉන්දියාවේ TA TA මේ නිසා අපිට පරදවන්න පුලුවන් වේවි

  8. SL says:

    go for it,Aske permit holders to buy locally assembled vehicles and make it a must

  9. අල්ලපු ගෙදර තිනන් says:

    “අගය එකතු කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන”

    නියමයි, විමල් මහත්තයා කරන්න ඕන දේ තේරුම්ගෙන ඉන්නවා.

  10. Citizens of Lankan says:

    Do you know that Toyota will not be Sri Lanka. …so Soon! This is concorde story by Lanka C News?
    Do not believe these fake stories ????

Main News