TRC මුදලින් වෙන වැඩ කරන්නැයි ජනපති මෛත්රී නියෝග කරලා.. ලලිත් වීරතුංගට දුන් දඬුවමම ලැබෙයි..
September 9, 2017 at 6:48 pm | lanka C news
හිටපු ජනාධිපති ලේකම්වරයා සිර දඬුවමකට ලක් කර ඇති කාරනාව වරදක් නම් වත්මන් රජයේ ඉහල නිලධාරීන්ටද එම වරද යටතේම සිරගත වීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
විදුලි සංදේශ කොමිසමේ මුදල් යොදවා මුස්ලිම් ආගමික පුනර්ජීවනය සදහා මිලියන 65ක්, බෞද්ධ පුනර්ජිවන අරමුදලට මිලියන 100ක්, ගංවතුරෙන් අනාථ වූ ජනතාවට මිලියන 500ක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇති බවත් එම නියෝගය ක්රියාත්මක කරන අයටද සිර දඬුවම් ලැබෙනු ඇතැයිද මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.