UN විශේෂ නියෝජිතයින් උතුරේ අධිකරණ විනිසුරුවන් මුණ ගැසි රහස් සාකච්ඡා..
July 13, 2017 at 6:48 pm | lanka C news
මානව හිමිකම් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්ෂන් මහතා ඇතුලු පිරිසක් උතුරු පළාතේ අධිකරණ විනිසුරුවන් සමඟ විශේෂ සාකච්ජාවක් වවුනියාව මහාධිකරණ සංකීර්ණයේදි පවත්වනු ලැබීය.
වව්නියාව මහාධිකරණ සංකීරණයට පැමිණි මෙම පිරිස පිළිගනු ලැබුවේ වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර සෂි මහේන්ද්‍රන් මහතා විසිනි.
අනතුරුව මාදිකරණ සංකීරණයේදී වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර සෂි මහේන්ද්‍රන් මහතා ,මන්නාරම මහාධිකරණ විනිසුරු ටි.එස්.ඒ.මනාෆ් ,වවුනියාව ,කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් අදාළ සාකච්ජාවන් වෙනුවෙන් සහභාගී විය.
අදාල සාකච්ඡාව සඳහා මාධ්‍යට අවසර නොතිබූ අතරම මෙහිදී උතුරු පළාතේ පවතින මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතරම මෙම සාකච්ඡාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් නියේජිත පිරිසක් ද එක්ව ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ