UN සාම සාධක හමුදා ප‍්‍රශ්ණය ගැන හමුදාපති කට අරී…

October 1, 2019 at 3:50 pm | lanka C news
UN සාම සාධක හමුදා ප‍්‍රශ්ණය ගැන හමුදාපති කට අරී…

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවටත් එම සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇතයි බලාපොරොත්තු වන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

යුදහමුදාපති මේ බව පවසා සිටියේ අද (01) දිනයේදී අනුරාධපුර ජයශ්‍රීමහා බෝ සමිඳුන් අබියස පැවති යුද හමුදා 70 වැනි සංවත්සරය වෙනුවෙන් යුද හමුදා ධජයන් වෙතට ආශිර්වාද ලබාගැනීමේ පූජෝත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ යුද හමුදාපති වරයා පවසා සිටියේ,

‘එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සම්බන්යෙන් මේ වන විට කතිකාවක් ඇතිවෙලා තියෙනවා ඉතං මා හිතනව ඒ කතිකාව සාර්ථකව නිමා කරගන්න හැකියාවක් ලැබෙයි කියලා සාමාන්‍යෙයන් සාමසාධක හමුදාවන් යම්කිසි කාලපරිච්ඡේදයකට යවලා ඒ කාලපරිච්ඡේදය අවසන් වුනහම නැවත වතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවශ්‍යතාවය මත ඒ රටේ හෝ වෙනත් රටකින් ගන්න කටයුතු කරනවා ඉතිං ශ්‍රීලංකා යුද හමුදාවෙත් යම් යම් සාම සාධක හමුදාවන් විවිධ රටවල සිටිනවා ඉතිං ඒවගේ කාල පරිච්ඡේද ඉවරවුන පසු සමහර ඒවා නැවත යනවා සමහර ඒවා නැතිවෙනවා ඒ කාලේ අපි හයිටි රාජ්‍යෙය් කරා පසුව ඒක අවශ්‍ය නැහැ කිව්වා ඉතිං අපි නැවත්තුවා විශාල සංඛ්‍යාවක් ඒ දවස්වල හිටියා දැං කව්රුත් නැහැ ඒ වගේ ඉදිරි කාලවල්වලදී ඒ වගේ දේවල් වෙන්න පුලුවන්,

මේ වන විට රට තුල ආරම්භ වී ඇති වැඩ වර්ජනය සමබන්ධයෙන් යුද හමුදා දායකත්වයට පල වන විවිධ මත සමබන්ධයෙන් හමුදාපතිතුමන් පවසා සිටියේ ,

‘රජය විසින් අපට කරන්න කියන සමහර කාර්යන් තියනවා එලෙසින් අපට ආරාධනා ලැබුනොත් කල හැකි දේවල් රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කල හැකි සියලුම දේ යුද හමුදාව කරන්න සූදානම් ඒ වගේම දැන් විවිධ අංශ තියනවා යුද හමුදාවට කෙටි කාලීනව යම් කිසි දේකට මැදිහත් වීමට හැකියාවක් තියනවා නමුත් මෙයට විවිධ පාර්ශවයන් තියනවා ඒ කාර්ය ඒ අය කරගෙන යන්න ඕන හමුදාවට අයිති දේවල් නෙමෙයි මේවා යුද හමුදාව අත්‍යවශ්‍ය සේවාවක් සඳහා කුමක් හො වෙනුවෙන් යම් කිසි කෙටි කාලයකට අපිට කතා කලොත් අපිට කල හැකි උපරිම දේ කරනවා නමුත් අපි දැන ගන්න ඕන ඒ දේවල් වෙනුවෙන් දක්ෂ අය ඒ ආයතන වල ඉන්න අය ඒ අය තමයි ඒ දේවල් කරගෙන යන්න ඕන.

‘‘ඒ වගේම තමයි දශක තුනකට වැඩි තිබුනු යුද්ධයක් දිනන්න බැහැයි කියල තිබුණු යුද්දයක් ශ්‍රීලංකා යුද හමුදාව ප්‍රමුඛ අනෙකුත් හමුදාවන්ද ශ්‍රීලංකා වාසීන් සියලුම දෙනාගේ සහය මත මුලිනුපුටා දමන්න හැකි වුනා නමුත් අවාසනාවන්තව අන්තවාදී කොටසක් අප්‍රේල් මාසේ 21 වනදා රටේ යම්කිසි සිදුවීමක් සිදු කරනු ලැබුවා ඒකත් ඉතාම කෙටි කාලයක් ඇතුලත රටට සාමය ගෙන ඒමට අපි කටයුතු කලා ඉතිං අපි යුද හමුදාවක් වශයෙන් වර්ථමානයේ පමණක් නොව අනාගතයටත් සරිලන පැමිණිය හැකි ඕනෑම උවදුරකට සරිලන අයුරින් යුද හමුදාවක් සෑම අවස්ථාවේදීම පවත්වාගෙන යනවා ඕනෑම ව්‍යවසනයකට මුහුණ දී ජනතාව ආරක්ෂා කිරීමටද යුද හමුදාව බැඳී සිටිනවා.. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

45,403 Viewers

5 Comments to “UN සාම සාධක හමුදා ප‍්‍රශ්ණය ගැන හමුදාපති කට අරී…”

  1. Sun says:

    Thank you for thinking things in such a democratically as the leaders are just carrying the democratic printout only to say democratic. That is the nature of world today. Politicians are not like olden days and they are just surviving by using the banner democracy and playing the duality role in politics.

  2. Raterala says:

    යුධහමුදා පතිතුමනි, ඔබතුමා ට අපේ ආචාරය,තෙරැවන් සරණයි .

  3. JOHN says:

    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට කැඳවන ලෙස තම අත්සන සහිත ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව රනිල් මහතා පවසයි.ඔහු සඳහන් කර ඇත්තෙ තමන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නොව එක්සත් ජාතික පක්ෂයේ සාම සාධක හමුදාවට පැමිණෙන ලෙස දැන්වූ බවයි.

  4. sunimal says:

    සාම සාධක හමුදාව කියන්නේ ඇමෙරිකාවට අයිති වෙනත් රටවල තිබෙන ඉඩම් ආරක්ෂා කිරීමයි

Main News