UN සාම හමුදා ලංකාවට ඒමට පාර්ලිමේන්තුව නීති සකසා අවසන්..

May 18, 2019 at 2:10 pm | lanka C news
UN සාම හමුදා ලංකාවට ඒමට පාර්ලිමේන්තුව නීති සකසා අවසන්..

ඉස්ලාම් ත්‍රස්තවාදය තුරන් කිරීමට කියන වර්තමාන යුධ හමුදා මෙහෙයුම් විදේශීය හමුදා මැදිහත්වීමක් දක්වා දීර්ඝ වන බවත් ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ නඩු විභාගවන වර්තමාන සමාජ මාධ්‍ය තොරතුරු දැන ගැනීමේ වාරණය ඒ සදහා මාර්ගය පාදා ගැනීමකට උත්සාහයක් බවත් මෙම ලිපියෙන් පෙන්වා දේ.

එක්තරා මන්ත්‍රීවරයෙක් හමුදාව මියගිය බවට සජීවී විකාශයක ජනතාව නොමග යවන අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළද ජනතාව ඇවිස්සුනාද?

ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කරමින් මැතිවරණ නොතියා ඡන්දය නොපවත්වා ඇත. ඒත් ජනතාව ඇවිස්සුනාද?

මේ ආණ්ඩුව සිය පාලනය ගෙනයන්නේ නැති ප්‍රශ්න ඇතිකර ඒවාට පිළිතුරු සෙවීමෙනි. ඉතිහාසයේ කවර ආණ්ඩුවකටත් වඩා ජනතාවගෙන් තොරතුරු සගවා ක්‍රියා කලේ වත්මන් යහපාලන ආණ්ඩුව ය.

මේ බවට මූලික සාධක 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත විමසා බැලීමේදී පැහැදිලි වේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ (International Convention for the Protection of All Persons from Enforced Disappearances) 42 ව්‍යවස්ථාව මගින් ජාත්‍යන්තර යුක්ති අධිකරණය/International Court Of Justice (ICJ) පිළිගෙන ඇත.

ශ්‍රී ලංකා රජය විසින් 2015.12.10 මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබා ඇති අතර 2016.05.25 වැනි දින අපරානුමත කර ඇත. එමෙන්ම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27. iii වගන්තියේ මෙම සම්මුතියේ ප්‍රතිපාදන ලංකාවේ නීතියට ඇතුළත් කර ඇත.]

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ “අතුරුදහන් වූ තැනැත්තා” යන්න ආකාර 3කින් නිර්වචනය කර ඇති බව ඉහත 27 වන වගන්තිය අනුව පැහැදිලි වෙයි. එකී පනතේ මේ කියන“අතුරුදහන් වූ තැනැත්තා” යන්න නිර්වචනය කර තිබුණද “අතුරුහන් වූ තැනැත්තා” හදුනාගැනීම සදහා සහතිකයක් නිකුත් කිරීමක් හෝ ලියාපදිංචි කිරීමට අදාලව ජාත්‍යන්තර යුක්ති අධිකරණය සහ ජාත්‍යන්තර සම්මූතීන්පිළිගන්නා ප්‍රතිපාදන දක්වා නොතිබුණි.(Certificate of Absence And Registration of Missing Persons)

මෙම අඩුපාඩුව සපුරා ඇත්තේ 2016.08.25 දින පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමට විවාදයට ගත් මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතේ 8.අ.(1) මගිනි.

එකී 8.අ.(1) වගන්තිය මෙසේය.

8අ. (1) යම් තැනැත්තකු අතුරුදහන් වී ඇති බවටවාර්තා වන සහ ඔහු ජීවත්ව සිටියේ නම් ඔහු ගැනස්වභාවිකව අසන්නට ලැබෙන්නේ යම්තැනැත්තන්ට ද ඒ තැනැත්තන්ට එක් අවුරුද්දක්ඉක්මවන කාලයක් තුළ දීඔහු ගැන අසන්නට ලැබීනොමැති සහ ඔහුගේ අතුරුදහන් වීම උතුරු හානැගෙනහිර පළාත්වල සිදු වූ ගැටුම්වලට හෝ එමගැටුම්වලට පසුව හෝ දේශපාලන නොසන්සුන්තාහෝ

සිවිල් කැරලි කෝලහල හෝ අතුරුදහන්කිරීම්වලට ආරෝපණය කරනු ලැබිය හැකිඅවස්ථාවක හෝ

ක්‍රියාන්විතයේ දීඅතුරුදහන් වූලෙස හඳුනාගෙන ඇති සන්නද්ධ හමුදාවලසාමාජිකයකු හෝ පොලිසියේ සාමාජිකයකු (මෙහිමින් මතු “අතුරුදහන් වූ තැනැත්තා”යනුවෙන්හඳුන්වනු ලබන) එම තැනැත්තාගේ ඥාතියකු විසින්එම තැනැත්තා අතුරුදහන් වූ තැනැත්තකු ලෙසලියාපදිංචි කරන ලෙසත් ඔහු සම්බන්ධයෙන් තමාටදක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කරනලෙසත් ඉල්ලීමක් කරනු ලැබිය හැකි ය.

මෙම වගන්තිය සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27 වගන්තිය අතර මනා ගැලපීමක් ඇත.අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27.ii වගන්තියේ දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන්හෝ සිවිල් කැරළි කෝලාහල සම්බන්ධයෙන්ලෙස දක්වා තිබුණද ගත් මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනතේ සිවිල් කැරලි කෝලහල හෝ අතුරුදහන්කිරීම්වලට ආරෝපණය කරනු ලැබිය හැකිඅවස්ථාවක ලෙස පමණක් දක්වා ඇති අතර ඒ අනුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27.iiවගන්තියේදේශපාලන නොසන්සුන්තාවයක් හේතුවෙන් අතුරුදහන් වූ තැනැත්තෙකුට ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනතේ8අ. (1) වගන්තියේ ප්‍රතිපාදන අනුව ලබා දෙන “දක්නට නොමැති බවට වන සහතිකය” ලබා ගැනීමේ හැකියාවක් නැත. එනම් දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තෙකු සම්බන්ධව “දක්නට නොමැති බවට වන සහතිකය” ලබා ගැනීමට හැකියාවක් නැත.ඒ අනුව 1971….1988-89 කාළයේ අතුරුදහන් වූ ජවිපෙ ක්‍රියාකාරීන්ට මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනතේ 8අ.(1)වගන්තිය යටතේ දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් වෙත නිකුත් කරන “දක්නට නොමැති බවට වන සහතිකය”(Certificate of Absence) ලබා ගැනීමට හැකියාවක් නැත.

මෙම පනත් දෙකම එනම් මරණ ලියාපදිංචි කිරීමේ පනත අතුරුදහන් කාර්‍යාල පනත ජාඩියට මූඩිය ලෙස එකිනෙක මැනවින් සමපාත වන ලෙස ජාත්‍යන්තර සම්මුති(International Conventions) අනුව ගලපා ඉදිරිපත් කර ඇති බව පැහැදිලි ය.

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත අදාල වන කණ්ඩායම් 03ක් පිළිබදව එකී පනතේ 27වැනි වගන්තියේ දැක්වේ. එනම්;

27. (i) ක්‍රියාන්විතයේ දීඅතුරුදහන් වූ සන්නද්ධ හමුදාවල සාමාජිකයකු හ පොලීසියේ සාමාජිකයකු ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් අතරතුර හෝ එහි ප්‍රතිඵලයක් ලෙස නැතහොත් එම සන්නද්ධ ගැටුම්වලට පසුව “යුද්ධයේ දී අතුරුදහන් වූ තැනැත්තකු” ලෙස හඳුන්වනු ලබන තැනැත්තකු හෝ

ii)දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන් හෝ සිවිල් කැරළි කෝලාහල සම්බන්ධයෙන් හෝ

iii) බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහ “සම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම”යනුවෙන් අර්ථනිරූපණය කර ඇත්තා වූ ද, ඇති තැනැත්තකු අදහස් වේ.

මේ අකාරයට අතුරුදහන් තැනැත්තා කවුද? යන්න පිළිබද කුළක 3ක් හඳුනාගත හැකි වුවත් මෙම කුළක 3ටම පොදු විය යුතු ලක්ෂණ 2ක්ද මෙම 27 වැනි වගන්තියේ හදුනාගත හැකිය. (අතුරුදහන් තැනැත්තා මෙම පොදු ලක්ෂණයන්ට අනිවාර්‍යයෙන් අතුළත් විය යුතු වෙයි.)

1. ඉරණම හෝ සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නා බවට විශ්වාස කිරීම.

2. ඒ තැනැත්තා ගණනය නොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙස විශ්වාස කිරීම.

ඉහත ලක්ෂණ දෙක ගත් විට 2වැනි ලක්ෂණයේ දැක්වෙන අංග දෙකම සපුරාලීම අවශ්‍ය හෙයින් අතුරුදහන් තැනැත්තාට අදාල පොදු ලක්ෂණ 3ක් පවතින බව සැළකුවද එය නිවැරදි ය.

ඒ අනුව ඉහත මූලික ලක්ෂණ 3 සපුරාලන 27.(i) හෝ 27 (ii) හෝ 27 (iii) කණ්ඩායම්වලට ගැණෙන තැනැත්තන් අතුරුදහන් වූ අය ලෙස සැළකේ.

වර්තමානයේ සමාජයේ සාකච්ඡාවට බදුන් විය යුත්තේ ඉහත 27 (iii) යටතේ ගැණෙන කණ්ඩායමට ඇතුළත්වන තැනැත්තන් කවුද? යන්නයි. එනම් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහ “සම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම” යනුවෙන් අර්ථ නිරුපණය කර ඇත්තා වූ ද,ඇති තැනැත්තකු යන්නෙන් කවුරු අදහස් වේද? යන්නයි.

මේ සම්බන්ධව එනම් “අතුරුදහන් තැනැත්තා” සම්බන්ධයෙන් අර්ථනිරූපණයක් කිරීම සදහා එකී ජාත්‍යන්තර සම්මුතිය අධ්‍යයනය කළ යුතු වන බවට විවාදයක් තිබිය නොහැකිය. එමෙන්ම එකී සම්මුතිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ චේතනාව පිළිබිඹු කරන හැන්සාර්ඩ් වාර්තා කියවීමට අවශ්‍ය වෙයි. අවාසනාව වන්නේ පනතේ හෝ පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තා වල මෙම ජාත්‍යන්තර සම්මුතිය පිළිබද තොරතුරු අනාවරණය නො වීමය. අවම වශයෙන් මෙකී ජාත්‍යන්තර සම්මුතියේ සිංහල හෝ ඉංග්‍රීසි හෝ දෙමළ භාෂා පිටපතක් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ලබාදීමට කතානායකවරයා ක්‍රියා කර නොතිබුණි.

මෙම සංකීර්ණ තත්ත්වයේදී මතුවන ගැටළුව වන්නේ නීති පැනවීමේදී විධායකයට සහ පාර්ලිමේන්තුවට අවබෝධයක් නො තිබුණේ මන්ද යන්නයි. පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්මත කිරීමේ වගකීම නීතිපතිවරයා සතු වුවත් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත් කෙටුම්පත සම්බන්ධව නීතිපතිවරයා හෝ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සිය වගකීම වෘත්තීය මට්ටමෙන් දක්වා නැති අතර එකී පනතේ 27 (iii) වගන්තිය මගින් දැක්වෙන කණ්ඩායම කුමක්ද යන්න පිළිබද ඔවුන් දැනුවත්ව නො සිට ඇති බවට පූර්ව නිගමනයක් කළ නො හැකිය. නීතිපතිවරයා හෝ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පෞද්ගලිකව දන්නා ජාත්‍යන්තර සම්මුතියක් පොදු ජනතාවගේ දැනගැනීම සදහා ගැසට් පත්‍රයේ පළ නොකර එක එල්ලේ නීතියට ඇතුළත් කිරීම කොතෙක් දුරට ශිෂ්ට ලෝකය අනුමත කරයිද යන්න කිව නො හැකිය.

පිළිගත් සම්මත ක්‍රමවේදය අනුගමනය නොකර එනම් ජාත්‍යන්තර සම්මුතියක ප්‍රතිපාදන අදාල පනතේ උපලේඛනයක හෝ නොදක්වා එනම් මූලික වශයෙන් ගැසට් පත්‍රයේ පළ කිරීමක් හෝ සිදු නොකර අන්තර්ජාලයේ ඇති නීතිමය වශයෙන් පිළිනොගන්නා වෙබ් අඩවියකින් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා ගැනීමට සිදුවන පරිදි නිති පැනවීම මූලික නිති මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙරට සිටින නීති විශාරදයින් ඉංග්‍රීසි බස මනා ලෙස ප්‍රගුණ කර ඇති බවට වන උපකල්පනයක නියැලී පනතක ඇතුළත්විය යුතු වගන්ති අන්තර්ජාලයේ විදේශීය වෙබ් අඩවියකින් කියවීම කෙසේවත් පොදු ජනතාවට සාධාරණ සහ සමාන නීති පැනවීමකට සුදුසු ක්‍රියාවන් නො වේ.

සේපාල ඒකනායක විසින් 1982 ජූනි 30 වැනි දින ටෝකියෝ සිට රෝමය දක්වා ගමන් කළ ‘අලිතාලියා’ ගුවන් යානය පැහැරගත් අවස්ථාවේ ඔහු වරදකරු කිරීම සදහා 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත 1982 ජූලි මස 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් ආකාරය සහ 1982 ජූනි 30 දින සිදු කළ වරදකට 1982 ජූලි මස 26 දින දඩුවම් කිරීමට එනම් අතීතයට බලපාන පරිදි අපරාධ නීති පැනවීමේ නෛතික තත්ත්වය විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි.

1963 සැප්තැම්බර් මස 14 දින ටෝකියෝ හි දී අත්සන් කරන ලද ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය 1970 දෙසැම්බර් මස 16 දින හේග් හි දී අත්සන් කරන ලද ගුවන් යානා නීති විරෝධී ලෙස අල්ලා ගැනීම මැඩ පැවැත්වීම සදහා වූ සම්මුතිය, 1971 සැප්තැම්බර් මස 23 වන දින මොන්ට්‍රියෙල් හී දී අත්සන් කරන ලද, සිවිල් ගුවන් ගමනාගමනයේ ආරක්ෂාවට එරෙහි වූ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සදහා වූ සම්මුතිය බලාත්මක කිරීමට අදාලව නීති අදාල කරමින් 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත හදුන්වාදුන් අවස්ථාවේ පවා අදාල ජාත්‍යන්තර සම්මුති කොටස් / ව්‍යවස්ථා එකී පනතේ උපලේඛනයේ අන්තර්ගත කරමින් ක්‍රියා කර ඇති බව සැළකිල්ලට ලක් කළ යුතුය.

1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනතේ දැක්වෙන ජාත්‍යන්තර සම්මුතිවල අදාල ව්‍යවස්ථා එම පනතේ උපලේඛනයේ දක්වා තිබුණද මෙම ලිපියට අදාල 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27 (iii) අනු වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ අදාලවන කොටස එම පනතේ උපලේඛනයක නොදැක්වීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පමණක් නොව පිළිගත් නීති මූලධර්ම සියල්ලම උල්ලංඝනය කරමින් මෙම පනත පනවා ඇති බව පෙනේ.

මේ සියලු කාරණා වලින් පැහැදිලි වන්නේ ඉස්ලාම් අන්තවාදීන් මර්ධනය කිරීමට සිදුකරන වර්තමාන යුධ මෙහෙයුම්වලින් අතුරුදහන් වන තැනැත්තා/ තැනැත්තන් සම්බන්ධයෙන් වන නීතිය 2009 මැයි 18 නන්දිකඩාල් කළපුවේදී බෙදුම්වාදය අවසන් කර ජිනීවා උගුලට හසු වුණාට වඩා සංකීර්ණ වන බවයි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col),PGDC(Col)

38,700 Viewers

15 Comments to “UN සාම හමුදා ලංකාවට ඒමට පාර්ලිමේන්තුව නීති සකසා අවසන්..”

  1. SALMAL says:

    Wake up SINHALESE FOLKS wake up protect your motherland,Send these Yamapalanaya to hell
    President Sirisena ,Prime Minister Ranil Please Resign & go home ,You both are Traitors
    We need not want you both as our leaders ,,Go home

    • Senevi says:

      ඇමෙරිකාවේ සංචාරයකට මුවා වී 1815 උඩරට ගිවිසුමට වඩා බියකරු ගිවිසුමකින් සිංහල බෞද්ධයා පාවාදීමට යහපාලයෝ මෙහෙයුමක….

  2. Gamini says:

    කොටිත් එක්ක යුද්ධ කරනවෙලාවෙ මේ වගේ ජාත්‍යන්තර සම්මුති ගහල තිබුනනම් සුමන්තිරන්ලයි සෝල්හයිම්ලයි අපේ හමුදාවට කරන දේ බලාගන්න තිබුණ

  3. Senarath says:

    මීලග ආණ්ඩුවකින් ඔය ජාත්‍යන්තර සම්මුතියෙන් අයින්වෙලා හමුදාව පිටරට උසාවිවලට ගෙනයන්න හදාපු නීති අවලංගු කරන්න ඕන.

  4. නට්ලූස් says:

    රනිල් මංගල මහත්තුරු ඉන්නකන් බය වෙන්න එපා. රට ආරක්ෂිතයි. නිකන් කොරහෙ කිඹුල්ලු දකින්න හදල රට අවුල් කරන්න හදන්නෙ.

  5. අනේද කියන්නෙ says:

    ජත්‍යන්තරයට ගතු කියන ngo නඩයට දැන් චූන් ඇති

  6. dissanayaka says:

    යහපාලන ආණ්ඩුව හදුන්වාදුන් ගෝලීය ත්‍රස්තවාදය නැති කිරීමට ගෝලීය හමුදා අවශ්‍යයි. කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ.

  7. Kadiya says:

    මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අයත් ඉඩමක සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් අදාල බිම කැනීමේදී අදාල එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක කොටස් හා ඇටසැකිලි කොටස් කිහිපයක් මෙන්ම කොටි සංවිධානය විසින් නිශ්පාදිත අත් බෝම්බ දෙකක්ද හමුවීමෙන් පසුව ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත. මෙන්න අතුරුදහන්වූ එකෙක් හමුවෙලා තියනවා. ඕනෑනම් කොහේ හරි වැළලිලා ඉන්න මුගේ සගයකුගේ නමක් ජීනිවා ගෙනගොස් R2P වැඩකට යොදාගන්න පුළුවන්. ගානක් හොයාගන්නත් පුළුවන්.

  8. LION says:

    The UN is famously corrupt. The “Oil for Food” scandal, UN troops raping refugees, sex trafficking, “Sex for Food” scandal, bribery, kick backs, embezzlement, and fraud. And it been going on for decades.

  9. Love nature says:

    Funding the United Nations

    The United States paid 22 and 28 percent of these budgets,

  10. Saradiel says:

    පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
    ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
    එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
    එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”

  11. සිරිපාල says:

    අපි ඔය නීති හදන වැඩේ පාර්ලිමේන්තුවට පවරලනෙ තියෙන්නෙ.. පාර්ලිමේන්තුව දුර දිග බලල හදන නීතිවලින් රටට හානියක් වෙන්නෙ නෑ. නිකන් ගෝනි බිල්ලො මවනව. කරන්න දෙයක් නැත්නම පැත්තකට වෙලා ඉන්න ඕන.

  12. LION says:

    අපේ එඩිතර සිංහ හමුදාවට මේ ගැන තීරණයක් ගන්න වෙනවා

    • Sena says:

      හමුදා පාලනයක් කියන්නේ බෞද්ධයා ගේ අවසානය විය හැක. හමුදාවේ ඉහළ අංශ මේ වනවිට බටහිර න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන්නන් බවට පත්කර ඇත.

Main News