‘Unframed’ ප්‍රදර්ශනය කඩාකප්පල් කරයි…
October 20, 2018 at 8:02 am | lanka C news
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
“Unframed” ඡායාරූප ප්‍රදර්ශනය කඩාකප්පල් කිරීම හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
විකල්ප වෙබ් අඩවියේ සංවිධායකත්වයෙන් රටපුරා පවත්වා ගෙන යනු ලබන “Unframed”ඡායාරූප ප්‍රදර්ශනය ඔක්තෝබර් 16 සිට 18 දක්වා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබියදි, සංවිධානාත්මක ශිෂ්‍ය කණ්ඩායමක් ඊට එරෙහිව බාධා කරමින් එම ප්‍රදර්ශනය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම විරෝධය පල කරයි. මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වන්නේ දශක ගණනාවක් තිස්සේ මෙරට පීඩාවන්ට ලක්වු සහ මේ මොහොතේ යුක්තිය ඉටු නොවූ මිනිසුන්ගේ ජීවන අත්දැකීම් ඇතුළත් ඡායාරූප සම්මුච්චයකි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ “ මාගේ දේශය අවදි කරනු මැන” තේමා කොට ගත් 2018 ශිෂ්‍ය සාහිත්‍ය උළෙල වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුවේද පුර්ණ සංවිධාන ශක්තිය ඇතිවය.
එහෙත් ආරම්භක දින (16 වන දා) ප්‍රදර්ශනය පැවැත්වීම අත්හිටුවීමට සංවිධායකයන් තීරණය කර ඇති අතර, එදිනම මහා ශිෂ්‍ය සංගමය හා සාහිත්‍ය අනුකමිටුවේ මැදිහත් වීමේන් මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා අැත.
එහිදී ප්‍රදර්ශනයේ සංවිධායකින් අදහස් දක්වමින් “ප්‍රදර්ශනය නැරඹිමකින් හෝ තොරව ප්‍රදර්ශනය අවලංගු කිරීම අසාධාරණ බැවින් මෙය නැරඹිමෙන් පසු සංවාදයට ගැනීම සුදුසු යැයි”ප්‍රකාශ කළ නමුත් සංවිධානාත්මක විරෝධතාකරුවන් අතාර්කික චෝදනා ඉදිරිපත් කරමින් මේ සඳහා ඉඩ දිය නොහැකි බව දැඩිව පවසා ඇත.ඒ හැරුණු විට මෙම විරෝධතාකරුවෝ සමාජ මාධ්‍ය භාවිතාකරමින් ප්‍රදර්ශනයේ සංවිධායකයන්ට එරෙහි විවිධ වෛරි ප්‍රකාශනද පතුරුවමින් සිටිති.
රටක බුද්ධිමතුන් ගේ කේන්ද්‍ර ස්ථානයක් ලෙස සැලකෙන විශ්ව විද්‍යාලයක සිටින කණ්ඩායමක් මෙසේ හැසිරීම බෙහෙවින්ම කණගාටුදායකය. විශේෂයෙන්ම ප්‍රදර්ශනයේ ඡායාරූප මඟින් පිලිබිඹු කෙරෙන මිනිසුන්ගේ වාර්ගික අනන්‍යතාවයන් සම්බන්ධයෙන් මෙම විරෝධතාකරුවන් පළ කර ඇති අදහස් මඟින් පැහැදිලි වන්නේ පවතින සමාජ අර්බුදය පිළිබඳ ඔවුන් තුළ ඇති අසංවේදි බව හා අගතිගාමිත්වයයි. එය මෙරට ප්රජාතන්ත්රවාදයට ලැදි සියලු බලවේගවල අවධානයට ලක්විය යුතු තත්වයකි.
ශ්‍රී ලංකාවේ සාමකාමි අනාගතයට මෙන්ම අදහස් ප්රකාශනයේ නිදහස වැනි ප්රජාතන්ත්රවාදයේ මුලිකංග වලටද අභියෝග කෙරෙන මෙවැනි හැසිරීම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකී.
කැඳවුම්කරු
සි.දොඩාවත්ත
Mun Dollar Kakko. Munta pradharsana karanda ida dhenda epa!
සද් ගුනවත් උපාසකයෙක් කමෙන්ට් එකක් දාල. 😀
විකල්ප කාරයෝ යනු රටේ ස්ථාවරත්වය විනාස කරන්න අටවාගත් ඩොලර් කාක්කන් ගේ හොර මුලක්. උන් වැඩේ දෙන්නේ වෙස් මූණු බැඳන්. සුදු පිරුවට ඇඳන් සුද්ද වන්තයෝ වෙලා. මානව හිමිකම්, සමාජ සාධාරනත්වය ඉස්සරහට දාගෙන .
යහපාලන බලු පෙරලිය ගේන්න දඟලපු උන්ම තමයි ඇතුලේ ඉන්නේ.
මේ ප්‍රදර්ශනේ ට හගපු එක නියමයි. මුන් NGO බලු කල්ලියක්. යහපාලන පෙරෙලියේ ඊළඟ අදියරයන් තමයි විකල්ප ය.
අන්තරේ නම් ඉතින් අසුච් තමයි. උන්ට මොන ප්‍රදර්ශනද? කුමාර් ගුනරත්නම්ගෙ බෙට්ට ලෙව කන එවුන්.
පේරාදෙනිය වි.වි ඇතුලේ කොහෙද ප්‍රජාත්‍රන්තවාදය තියෙන්නේ වැදිලවත් ඔය වචනය ගැන කථාකරන්නවත් යන්න එපා එහෙ තියෙන්නේ Facultyත්රන්තවාදය හා Batchත්රන්තවාදය පමණයි. අනෙක ඔය එක එක virus වලට වෙන කැම්පස්වල දාන සෙල්ලන් පේරා ටිකක් අමාරුයි.
අනෙක ඔය කියන ප්‍රදර්ශනය තියපල්ලකො පුලුවන්නම් ගිහිල්ල යාපනය වි.වි එහෙට තමා ඕවා වඩා වැදගත් මොකද ඒකේ ශිෂ්‍යයන් තාම Civilized වෙලා නැති නිසා