UNHRC නර බිල්ල සූදානම්.. වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න සූදානම්..
February 26, 2019 at 3:26 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.
‘වර්තමාණ ආණ්ඩුව අලි අමාරුවක වැටිලා ඉන්නේ. තමන්ට බලයට එන්න උදව් කළ ඊළාම්වාදින් සතුටු කරන්න 2015 සැප්තැම්බර් මාසයේ දී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සභාවට ගෙනා යෝජනාවට සමඅනුග්රහය දක්වන්න ලංකාව ඉදිරිපත් වුණා. තම රටට එරෙහිව ගෙනා යෝජනාවකට සමඅනුග්රහය දැක්වූ ප්‍රථම රට ලෙස ලංකාව ඉතිහාසයට එක් වෙනවා.
ඒ අනුව අතුරුදහන් වූවන් පිලිබඳ කාරයාලය පිහිටුවීම, සංහිඳියා කොමිසමක් පිහිටුවීම, අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කිරීම, කොටි ත්‍රස්තවාදින්ට වන්දි ගෙවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, විදේශීය විර්මශකයින්, අභිචෝදකයින් සහ විනිසුරන් යොදාගෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සහ පෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කිරීම එම යෝජනාවෙන් ශ්‍රී ලංකාවට කර ඇති ප්‍රධාන නිරදේශයි.
මේ අතර තිබෙන ප්‍රධාන නිරදේශ වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කර ගැනීම, නව ව්‍යවස්ථාව සහ විදේශීය විනිසුරන් පත් කිරීම මහජන විරෝධය නිසා තවම කර ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ යුරෝපීය ස්වාමින් දැන් ඉන්නේ කෝපයෙන්. ඒ බව දන්න නිසා ජිනීවා නුවර දී ආරම්භ වන මානව හිමිකම් සභාවේ සැසියට යන්න ආණ්ඩුව ඉන්නේ බයෙන්.
මොකද ඔවුන් දන්නවා තමන්ගේ සිවාමීන් ඉන්නේ කෝපයෙන් කියලා. ඒ නිසා කෝපයට පත් ස්වාමින් සතුටු කරන්න මේ ආණ්ඩුව ජිනීවා යද්දී මොනව හරි දැකුම් විදිහට ගෙනියනවා. 2017 මාර්තු මාසයේදී එක්නැලිගොඩ අතුරුදහන් කලා කියලා හමුදා බුද්ධි අංශ නිලධාරීන් බන්ධනාගාර ගත කරලා ඒක තමයි දැකුම් විදිහට අරන් ගියේ. 2018 දී නාවික හමුදා බුද්ධි නිලධාරීන් සිරගත කරලා ඒ පණිවිඩය තමයි දැකුම් ලෙස ජිනීවා නුවරට අරන් ගියේ.
දැන් අවුරුදු හතරක් ඉවර නිසා වෙනදා වගේ කුකුළු බිල්ලක් පුදලා හරි යන්නේ නෑ. නර බිල්ලක්ම ඕනෑ. ඒ නර බිල්ල තමයි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවෙන් හමුදාව පාවා දීමට වැරදිකරු වුණාට පස්සේ ලංකාවේ අංක එකේ රණවිරුවා අද්මිරාල් වසන්ත කරන්නාගොඩයි. ඔහු යුද ජයග්‍රහණයට තීරණාත්මක දායකත්වයක් ලබා දුන්නු නාවික හමුදාවේ හමුදාපතියි.
කෝපයෙන් ඉන්න ස්වාමින් සතුටු කරන්න රටේ අංක එකේ රණවිරුවා දැකුම් ලෙස අරන් ගිහින් ආණ්ඩුවේ අවසානය ඉක්මන් කර ගන්න එපා කියලා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා.
– අරවින්ද අතුකෝරල
වසන්ත කරන්නාගොඩ ට එරෙහි ඔප්පු වී ඇති අපරාධ චෝදනා තියේද ? මොනවද ඒ ?
ඒවා දැනගත යුත්තේ කලු සුද්දන් පමණි
දැන් ජෙප්පොයි, කොටියි කියයි අද්මිරාල් කරන්නාගොඩ කියන්නෙ යුධ වීරයෙක් නෙමේ,
යුධ අපරාධ කරුවෙක් කියල.
රණවිරුවන් වෙනුවෙන් හැමවිටම පෙනීසිටි උදයට අපෙන් උපහාර
සම්පූර්ණ ඇත්ත!
රණවිරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින උදයට සහ විමල්ට අපේ උපහාරය.
කොටින්ගේ අති නවීන මෙන්ම අති බිහිසුණු අවි ආයුධ, වෙඩි උන්ඩ සහ අනෙකුත් යුධ උපකරණ සහිත
පාවෙනඅවි ගබඩා නම්වූ කොටි නැව් තුනක් දින 10 ක් තුල මුලු මනින්ම සයුරේදීම විනාශකර කොටින්ට
අන්ත පරාජයකුත් ශ්‍රී ලංකාවට විශිෂ්ඪ ජයග්රහයකුත් ලබා දුන්නේ අද්මිරාල් වසන්ත කරණ්නාගොඩ බව
අද ඉන්න අඳ බාලයෝ නොදන්නේද?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෞද්ගලිකවමමැදිහත්වී මෙම සාහසික අපරාධය කිරීම
වහාම නැවැත්වි යුතුයි.
නැතිනම් එම පාපකර්මය එතුමා පසුපස ආත්ම ගණනාවක් හඹා එනවා ඇත.
වසන්ත කරන්නාගොඩ යුද සමයේ යුධ වීරයෙක් . ඒවගේම තමන් ගේ වටේ හුටපු අපරාධ චෝදනා ලබපු නිලදාරීන් නීතියෙන් ගලවා ගත්තා. විනය ගැන කියන ගමන් අපරාධ කරන්න ආරක්සාව දුන්නා නේද?
Aparaada kaarayo beragatte ne. Beragattanam beragatte boru chodnaa daala billata denna hadapu Ranaviruwanwa.
එතුමා එදත් වීරයෙක්!
අදත් වීරයෙක්!
NGO ballanta ethuma veerayek novei. Namuth rate janathavata ethuma veerayek.
He may not be a hero for NGO dogs
But he is a hero for the people
විශ්‍රාමලත් ආරක්ෂක හමුදා ප්‍රධාණීන් තිදෙනෙක් මෑතකදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේද හිටපු හමුදාපති දයා රත්නායක මැතිතුමා ඉල්ලා සිටි පරිදි වීරෝධාර රණවිරුවන්ගේ අභිමානය සුරකීමට ජනපති තුමා කටයුතු කල යුතුයි.
I doubt if the recently appointed Defence Secretary is the correct choice or if it is a huge political blunder.
Instead of protecting the valiant armed forces personnel, he seems like betraying them.