UNP හා TNA හමුවෙන්න ජනපති සූදානම්.. ඉක්මන් තීන්දුවක් සූදානම්..

November 30, 2018 at 3:24 am | lanka C news
UNP හා TNA හමුවෙන්න ජනපති සූදානම්.. ඉක්මන් තීන්දුවක් සූදානම්..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනයයි.

රට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනාධිපතිතුමා සහ කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට (29) දින පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් ගරු කථනායකතුමා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ගරු ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත විය.

සෑම අංශයකින්ම රට තුල අස්ථාවර තත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිදවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්වයට ඉක්මන් විසදුමක් ලබාදීම කල යුතු බව කථානායකතුමා පෙන්වා දෙනු ලැබීය.

මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ අතර, විසදුමකට එළ‍‍ඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

(30) දින පස්වරුවෙහි විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලබන බවට මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් එකඟවිය.

– කථානායක මාධ්‍ය අංශය

48 views

8 Comments to “UNP හා TNA හමුවෙන්න ජනපති සූදානම්.. ඉක්මන් තීන්දුවක් සූදානම්..”

  1. Ranjan says:

    Kagaththa wede. UNP yanne koheda kiyala den dannawa.

  2. dasun says:

    Good news. Hope will get a legal government soon.

    • Wijebahu says:

      Country was ruined by Mahinda my3 conspiracy. Country so far lost billions of billions rupee as a result of this. This is 10 – 20 times more than bond scam.

  3. Niru says:

    It is now clear unp and tna were ruling the country for past few years. The AVA gang was created by them. Soldiers were taken to courts at the behest of this alliance. Even 19 A and the proposed 20 were formulated by this alliance together with JVP. Their proposals led to ruination of the economy over which resulted in increasing the influence by IMF and indirectly by the west. The LTTEdiaspora became very powerful due UNP/ TNA alliance. Even though TNA was purportedly in the opposition it was supporting UNP. Now since everything has failed to put that miserable fellow Ponil back into power this dirty alliance has been formed to show majority in the parliament.

  4. Janaka from Matara says:

    ..Game over.

  5. S.B. says:

    They too will get the same reply from H.E…..”We will see…I will definitely do something after the Supreme Court Judgment…”Ha ha ha…

Main News