VAT ආයෙත් නමවරක් FLAT වට වන්දනවේ යන්න වෙනවාමයි.. ගම්මන්පිල VAT රහස හෙලි කරයි..

October 18, 2016 at 8:40 am | lanka C news
VAT ආයෙත් නමවරක් FLAT වට වන්දනවේ යන්න වෙනවාමයි.. ගම්මන්පිල VAT රහස හෙලි කරයි..

වැට්බදු පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින්  ගොනුකල පෙත්සම  කොළඹ අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධීකරණයේදී විභාගයට ගැනීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

වැට් බදු පණත් කෙටුම්පත අපි අභියෝගයට ලක්කරලා අද ශ්‍රේෂ්ඨාධීකරණයේදී එය විභාගයට ගත්තා. මා වෙනුවෙන් පෙනීසිටි මනෝහර ද සිල්වා මැතිතුමන් එහෙදී ප්‍රධාන තර්ක 4 ක් මතුකළා. මා මීට කළින් කිව්වා අපි ගාව වැට් රහසක් තියෙනවා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළි කරනවා කියලා. ඒ රහස අපිහෙළි කළා. ඒ තමයි මේ පනතේ ක්‍රියාපටිපාටියේ දෝෂයක් තිබෙනවා. මා කිවූ ඒ රහස පිළිබදව අනාවැකියක් පලකරමින් ලක්ෂ්මන් යාපා ඇමතිතුමන් විසින් කියා තිබුණා මා විසින් මේ කියන්න උත්සහ කරන්නේ පනත ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ගැසට් කිරීම වැරදී කියන එකයි කියලා.

නමුත් අපේ වැට් රහස උනේ ඒක නෙවෙයි. වැට් කියන්නේ පිරිවැටුම මත ප්‍රතිශතයක් ලෙස පණවන බද්දක්. පළාත්සභා ලැයිස්තුවේ 36 (1) වගන්තියට අනුව පිරිවැටුම් බදු අයත්වෙන්නේ පළාත් සභාවට. පළාත් සභා විෂයක් පිළිබදව මධ්‍යම ආණ්ඩුව නීතියක් ගෙන එනවානම් මුලින් සියළුම පළාත්සභාවලට යවලා එහි අදහස විමසන්න ඕනෙ. පළාත්සභා සියල්ලම එකගනම් පාර්ලිමේන්තුවට සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්. එක් පළාත් සභාවක් හෝ විරුද්ධනම් 2/3 විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතුයි.

නමුත් පාර්ලිමේන්තුවට වැට් පනත යොමු කිරීමට කලින් එය පලාත්සභාවලට ඉදිරිපත් කිරීමක් කර නෑ. ඒ නිසා ගිය පාර වගේම විධිමත් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුව තුල විවාද කර සම්මත කරගැනීමට පාර්ලිමේන්තුව ඉදිරියේ නැත කියන තර්කය අද අපි ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කලා. ඒක ඉතාම ප්‍රභල තර්කයක්. ඒ නිසා නැවත වතාවක් මේක අකුලගෙන මෙදා පාර පළාත්සභා 9යත් වන්දනා කරගෙනම තමයි ආණ්ඩුවට වැට් පනත් කෙටුම්පත ගේන්න වෙන්නේ.

ඒ වගේම මේ පනෙතන් උත්සහ කර තියෙනවා මැයි දෙවන දා ඉදලා ආණ්ඩුව එකතුකරපු වැට් බදු නීතිගත කිරීම සදහා නීතිමය විධිවිදාන ගේන්න. නීතිමය සංකල්පයක් තියෙනවා නීතිය මිනිසෙකුට කළ නොහැකි දේ කිරීමට බල නොකල යුතුයි. දැන් මේ පනත හරහා අළුත් වැට් බදු පරිමාවක් හැදෙනවා අළුත් බදු ප්‍රතිශතයක් ඇතිවෙනවා. අතීතයේ ඒ බද්ද අයකල යුතුයි කියල නියම කරනවා. සෘජු බද්ධක් අතීතියට බලපාන්න පනවන්න පුළුවන්. උදාහරණයක් ලෙස මා ආදායම් බදු 15% නම් ආණ්ඩුව කීවොත් එය 20% දක්වා වැඩි කර යුතුයි කියලා මට තියෙන්නේ ඒක 20% ප්‍රතිශතයට ගණන් හදලා අතීතයටත් එක්ක ගෙවන්න. නමුත් වක්‍ර බද්දකදී මම නෙවෙයි ගෙවන්නේ. මම වෙනත් කෙනෙකුගෙන් එකතු කරලා ගෙවන්න ඕන. උදා හරණයක් ලෙස මට කියනවා මැයි 2 දා මගේ ව්‍යාපාරයේ 15% බගින් වැට්බද්ද එකතුකළ යුතව තිබුනා කියලා. මම කොහොමද මැයි මාසයේ, ජූනි මාසයේ , ජූලි මාසයේ මගෙන් බඩු ගත්ත කට්ටියගෙන් වැට් එකතු කරන්නේ.ඒ නිසා අතීතයට බලපාන්න වැට් බදු පනවන්න බෑ.

ඒ වගේම මේ පනතෙන් කියනවා බදු නොගෙවා සිටීම වරදක් කියලා. වර්තමානයේ නීත්‍යානුකූල දෙයක් අතීතයට බලපාන්න නීති විරෝධී කරන්න බෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වෙනි වගන්තිය අනුව එය මූලික අයිතිවාසිකම් කඩකර තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් කඩවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තිය කඩ කිරීමක් වෙනවා. තුන්වෙනි වගන්තියට පටහැනි පනතක් ගෙන එනවානම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට ලක් කළ යුතුයි.

තුන්වෙනුව මෙහි රෙගුලාසි සෑදීමේ බලය ඇමතිවරයාට ලබාදී තියෙනවා. නමුත් මේ කෙටුම්පතේ කියනවා ඇමති හදන රෙගුලාසි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කල යුතුය. එතකොට ඇමතිවරයාව තියලා තියෙන්නේ ජනාධිපති ප්‍රමුඛ ඇමතිමණ්ඩලයට උඩින්. ඒක ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච විධායක ජනාධිපති බලතල උල්ලංඝණය කිරීමක්. ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කිරීමක්. ඒ නිසා එම වගන්නතියටද ජනමත විචාරණයකට යන්න වෙනවා.

හතරවෙනි කාරණාව අපත් අනික් නීතීඥයොත් මතුකලා. ඒ තමයි සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බදු අයකරණ විදිහට තාර්කික පදනමක් නෑ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය උල්ලංඝණය වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් වකුකඩු රෝගීන් වැට් බද්දෙන් නිදහස්. අනිත් රෝගීන් වැට් බද්දට යටත්. ඒ වගේම බාහිර රෝගීන් වැට් බද්දෙන් නිදහස්. නේවාසික රෝගීන් වැට් බද්දට යටත්. රෝගියා වැට් බද්දෙන් නිදහස් කරන්නේ රෝගීයාට වැට් බද්ද පීඩාවක් වෙනවා කියන අදහසින් නම් නිදහස් කරන්න ඔනෙ බාහිර රෝගියා නෙමේ නේවාසික රෝගියා. මොකද ලොකු බිලක් එන්නේ එයාටයි. ඒ නිසා පැහැදිලි මේ බදු වර්ගීකරනයේ කිසිම තාර්කික භාවයක් නෑ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්නතිය මින් උල්ලංඝණය වෙනවා.

මේ නිසා අපේ පලමු තර්කය ශේෂ්ඨාධිකරණය පිළිගත්තොත් නැවත වතාවක් අළුතෙන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරල එය පළාත් නමයටම ඉදිරිපක්තරල ඒවගේ අදහස්ද විමසලා ඉන් අනතුරුවයි පාර්ලිමේන්තුවට එන්න ඕන. එසේ නැතුව අනෙක් කරුණු තුණ පිලිගත්තොත් අනිවාර්යෙන්න ජනමත විචාරණයකට යොමු කරන්න වෙනවා. ඒ නිසා මේ වසරේ වැට් නැත කියල උනත් අපිට බය නැතුව කියන්න පුළුවන්.

– අරවින්ද අතුකෝරල

28 views

5 Comments to “VAT ආයෙත් නමවරක් FLAT වට වන්දනවේ යන්න වෙනවාමයි.. ගම්මන්පිල VAT රහස හෙලි කරයි..”

  1. K shantha says:

    It’s good to see srilanka still have good lawyers who can logically make an argument

    • ඇත්ත says:

      JR පළාත් සභා පිහිටවපු එකේ හොද….මේකට තමයි ගම්මන්පිලයො කියන්නේ දෛවයේ සරදම කියලා.13 වැනි සංශෝධන නිසා තමයි මෙදා සැරේ VAT එකෙන් ආණ්ඩුව කෙළවගෙන ගම්මන්පිලයි..මනෝහාරයි උඩ එන්නෙ…එහෙව් පළාත් සභා ක්‍රමයක් අයින් කරන්න කියල ද නලීන් ද සිල්වා මහාචාරීතුමා කියන්නේ…ජයවේවා පළාත් සභා….ඔබ නොහිටින්න VAT වලින් ආණ්ඩුව දිනුම්.
      හැබැයි පළාත් සභා හින්ද ගම්මන්පිල දිනුවට පළාත් සභා හින්ද රට පරාදයි.

      • ශ්‍රී-ලංකාපුත්‍ර says:

        මේ ‘ඇත්ත’ කියන එක නමට දාගත්ත බූරුවටයි කියන්නේ:

        ගොනෝ! ගම්මන්පිල විතරක් නෙමේ තොපි වගේ මුඩ මූසල unp හැත්ත නිසා දුක් විඳින අපිත් දිනුම් !!

        දැං ගිහිං තෝ සිරිකොතේ වැසිකිලි වලේ තියෙන දෙයක්වත් හොයගෙන කාපිය – මෝඩ මූසලයා !!

  2. Ratmalane Percy says:

    ලලිත් ඇතුලත් මුදලිගෙ දේපල පිල්ලි ගහල කෝටි පතියෙක් උනා වගේ යටින් ගේම් ගහල ලේසියෙන් කොරන්න බෑ වගේ මේ වැඩේ.
    හොරා දන්නේ හොර ක්‍රමමය​. නිවැරදි ක්‍රම ඌ දන්නේ නැත​. වැඩ කාරයා මුලිච්චි උන මොහොතේ හොරා හෙලුවෙන් යයි.
    අද මේ දිගින් දිගටම සිද්ද වෙන්නෙ එයයි.

  3. Boo says:

    People can now see which party has the really brainy and mature politicians who knows the constitution and legal matters of the country and which party has kindergarten type uneducated thugs who hang on ceiling fans, rob central bank, protect thieves, brake law in broad day light, chase away media, talk “ona gonek” type comments, having “pavement John” type idiots etc.

Main News