VAT බද්දෙන් කිරිපිටි FLAT… රුපියල් සියයකින් මිල ඉහලට..
October 30, 2016 at 4:40 pm | lanka C news
රජය විසින් සිදු කරන ලද වැට් බදු සංශෝදනය හේතුවෙන් මෙරටට ආනයනය කරන කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් පමණ ඉහල යන බව කිරිපිටි ආනයනකරුවෝ කියති.
මේ වන තෙක් කිරිපිටි සදහා වැට් බද්ද පැනවීමක් සිදු නොකලද නව සංශෝධන යටතේ 15%ක වැට් බද්දක් පැනවෙන නිසා තම අලාභය අධික වන බවද ඔවුන් පෙන්වා දෙති.
මේ වන විට කිරිපිටි කිලෝවක් සදහා රුපියල් 725ක පාලන මිලක්ද නියම කර ඇත.