VPN නිසා සමාජ ජාල තහනම පුස්සක් වෙයි.. අන්තර්ජාල වේගය අඩාල කිරීමක්..?

April 22, 2019 at 8:02 am | lanka C news
VPN නිසා සමාජ ජාල තහනම පුස්සක් වෙයි.. අන්තර්ජාල වේගය අඩාල කිරීමක්..?

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ මාධ්‍ය අවහිර කිරීම මානව හිමිකම් උල්ලංගනය කිරීමක්…රජය ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කළහොත් අසත්‍ය පුවත් පැතිරීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම සුදානම්

ප්‍රථමයෙන් ඇතිවී ඇති තත්වය හේතුවෙන් මියගිය හා තුවාල ලැබූ සියල්ලන්ටම අප සංවිධානයේ කනගාටුව පලකරන අතර මේ උදාවී ඇති තත්වය පදනම් කරගනිමින් කැබිනට් මණ්ඩලය විසින් සමාජ මාධ්‍ය අවහිර කිරීමට පියවර ගෙන තිබෙන අතර මේ නිසා සිවිල් ජනයා බොහෝ අපහසුතාවයට පත්ව සිටි.මෙම ක්‍රියාව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස තරයේ හෙලා දකින අතර පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා සාමාන්‍ය ජනයා තම නැදෑ හිතවතුන් ආරක්ශාකාරීදැයි පවා දැනගැනීමට නොහැකිවී සිටින බව වාර්තා වේ. උදෑස සමාජ මාධ්‍ය හරහා ඒකරාශී වූ ජනතාව අනතුරෙන් පත් ජනතාවට ලේ දන්දීමට විශාල වශයෙන් ඉදිරිපත් වූ අතර සමාජ මාධ්‍ය අවහිරයත් සමගම දැන් එසේ ජනතාවට එකාවන්ව ඒකරාශී වීමට තිබූ හැකියාව වියැකී ගොස් ඇත.

බොහෝ ජනතාව VPN භාවිතයට පුරුදුව ඇති අතර එම නිසා රජයේ සමාජ මාධ්‍ය තහනම නිෂ්පල ක්‍රියාවක් වී ඇත එම නිසා රජය විසින් අන්තර්ජාල වේගය අඩාල කිරීමට කටයුතු කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් රජය රාජ්‍යත්‍රාන්තික වශයෙන් ඉල්ලීමක් ෆේස්බුක් ආයතනයෙන් සිදුකළහොත් අසත්‍ය ප්‍රචාර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සැරිසැරීමට තිබෙනා ඉඩපහසුකම් ඉවත්වී යන අතර ෆේස්බුක් අවහිර කිරීමට රජයට සිදු නොවෙනු ඇත.ෆේස්බුක් ආයතනය මගින් අනතුරට පත් ෆේස්බුක් සාමාජිකයන් සොයාබැලීමට විධිවිධාන සපයා තිබියදී පවා ෆෙස්බුක් අඩවිය අවහිර කිරීමට කටයුතු කිරීම පිලිබදව බලවත් කනස්සලෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස මිට පෙර අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය අවහිර කිරීම් වලට විරුද්ධව හඩ නැගු සංවිධානයක් වන අතර වෙනත් විකල්පයන් තිබියදී මෙම සමාජ මාධ්‍ය අවහිර කිරීම තරයේ හෙලා දකිමු.තවද මෙම අවහිර කිරීමට එරෙහිව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී අප සමූහය බලාපොරොත්තු වෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

152 views

8 Comments to “VPN නිසා සමාජ ජාල තහනම පුස්සක් වෙයි.. අන්තර්ජාල වේගය අඩාල කිරීමක්..?”

  1. desta says:

    siyalu lakikayeni (antawadin nowana) denwath negitinna meya waga kiya utte me rajayai eka hari ge katawen terenawa tattha dannawa ranil danne neha api babalada. ara badurdeen balla anthawadiyek uwa rakinne me niwata nayaka ranil sajith premadasa muwa elawanna denwath kelin weda karanna tambiyan gawa ganna epa baticlo akkarei pattu kattankudi ada mokada wela tiyeenee ko ara jvp ballo

  2. Bandara says:

    මූණත් එක්ක තරහට නහය කපා ගන්නා යහපාලන ගොන් හොරු….

  3. බන්ඩා says:

    කල දුටු කල වල ඉහ ගනු ප්‍රතිපත්තිය රජය අනුගමනය කරන බව පැහැදිලිය්. ජනතාව ආරක්ෂා කරනවා වෙනුවට වෙබ් අඩවි වලට තහංචි දමා මේ කරන්නේ රජයට එරෙහි විවේචන යටපත් කිරීමය්.

  4. Gamini says:

    දූෂිත නීතියක ඇති රටකින් යුක්තියක් බලාපොරොත්තු වන්නා තරම මෝඩයෙක් තවත් නැත…

  5. Q56:22 Q78:33 Hadith2687 sura65:4 Q23:6 Q4:24 says:

    ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය අවහිර කර ඇත්තේ, ජනයා විසින් සමාජ මාධ්‍ය වල, ආණ්ඩුවට පලු යන්න බනින නිසා මිස ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන බොරු හේතු නිසා නොවේ. පල්ලි තුනක ට සහ හෝටල් හතරකට එල්ල වූ 4/21 ප්‍රහාරය මුළුමනින්ම ආණ්ඩුව විසින් හමුදා බුද්ධි අංශ පාවා දීමේ ප්‍රතිඵලයක් ය යන තර්කය හමුවේ, මේ වන විට ආණ්ඩුවට කට උත්තර නැති වී ගොස් ඇති නිසා ආණ්ඩුවට සමාජ මාධ්‍ය අවහිර කිරීම හැර අන් විකල්පයක් නොමැති වෙයි. ඇඳිරිනීති පැණවීම, ඉස්කෝල වසා දැමීම, ෆේස්බුක් බ්ලොක් කිරීම, බොරු කොමිසම් පත් කිරීම වැනි මාධ්‍ය සන්දර්ශන මිස මේ ජිහාඩ් අනතුරට මුහුණ දීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුවට නැති බව බැහැදිලිය.

  6. aba says:

    මේ වගේ කාලකන්ණි රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති .
    ජනදිපතෙයෝ තෝව මකබවෙලම පල

    • Gamini says:

      මේ වගේ කාලකන්නි මූසල කෙළෙහිගුණ නොදත් ජනතාවක ලෝකයේම නැත.
      ජනාධිපතිවරණ චන්දය එපා කියූ මෝඩයන් ඉන්නා රට ලංකාවයි…

  7. Loku Athula says:

    Even you tube cannot be watched.

    1. Chain saws banded to protect forests.
    2 Axes should be banded to top beheading.
    3. Knives must be banned to top stabbing.
    3. Roads must be closed to prevent accidents.

    The list continues endless…………………..

Main News