Wagon R ගෙන්වීම නවතා දමයි.. අධික බදු ඉහලට..
March 28, 2019 at 4:40 pm | lanka C news
මේ දිනවල මෙරට වැඩියෙන්ම අලෙවි වෙමින් ඇති මෝටර් රථය වන Wagon R ආනයනය නතර කර දැමීමට වාහන ආනයනකරුවන් තීරණය කර ඇත.
ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සදහන් කරන්නේ මෙම තීරණය ගන්නා ලද්දේ මෝටර් රථයට අධික රේගු බද්දක් පනවා තිබීම නිසා බවයි.
රේගුව විසින් මෙම මෝටර් රථය හයිබ්රිඩ් නොවන මෝටර් රථ ගණයට ඇතුළු කර පෙට්රල් මෝටර් රථවලට අය කරන බදු ගණන් අය කිරීම නිසා මිල රුපියල් ලක්ෂ 3-4 අතර ගණනකින් ඉහල ගොස් ඇතැයිද ඔහු කියයි.