Water Board දැඩි මුල්‍ය අර්බුදයක.. පියවාගන්න දේපල විකුණයි..

November 22, 2021 at 1:20 pm | lanka C news
Water Board දැඩි මුල්‍ය අර්බුදයක.. පියවාගන්න දේපල විකුණයි..

පාරිභෝගිකයන් විසින් රුපියල් කෝටි 700 ක පමණ හිග බිල්පත් මුදලක් මුදල් ගෙවිය යුතුය ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

එහි සභාපති නිශාන්ත රණතුංග මහතා පෙන්වා දෙන්නේ විදුලි බිල සහ ක්ලෝරින් මිල ඉහළ යාම හේතුවෙන් මන්ඩලයේ දෛනික වියදම ඉහළ ගොස් ඇති බවයි.

මේ තත්ත්වය මත මන්ඩලය සතු දැනට ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් විකුණා හෝ ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

කොරෝනා ව්‍යාප්තියත් සමග ජනතාවගේ ආදායම් මාර්ග අයව අවහිර වීම නිසා යම් යම් සහන ජල පාරිභෝගිකයන්ට ලබා දීමට හේතුවෙන් මෙම මූල්‍ය අර්බුද ඇති වී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

පේරාදෙණියදී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

27,161 views

18 Comments to “Water Board දැඩි මුල්‍ය අර්බුදයක.. පියවාගන්න දේපල විකුණයි..”

  1. දොඩන්ගොඩ says:

    මුන් ඔක්කොම ෆේල් , මහ එකාගෙ පාරෙ ගෝලයො යන්නෙ. රටකට උනු විපතක්.

  2. GMaya says:

    රනතුංග නොමිබර එකේ පටිට හොරෙක් ඉඩමි ටික විකුනල නැවතුනොත් හොදයි

  3. Athula says:

    විකුණන් කෑම තමයි දැන් එකම විසඳුම 😡😡😡 කුඩු ගහන උන්ගේ පාලනය…

  4. LalithM says:

    අපි කවදාවත්ම වතුර බිල හිඟ තියල නෑ. ඔය බොරු කියන්න එපා.

  5. සහොදරය says:

    අයියා නම් ඉඩම් ගනුදෙනු වලට ප්‍රසිද්ධ යි
    (ප්‍රසන්න රණතුංග)

  6. සකු says:

    නිසාන්ත රණතුංග කියන්නෙ ලෝකයටම ඉන්න එකම වාසනාවන්ත යා.
    ප්‍රසන්න රණතුංග එමති වෙන කොට අමාත්‍යාංශය ක ලේකම් කෙනෙක් කරන වා ප්‍රසන්න විපක්ෂ යට ගියාම අර්ජුන රණතුංග එමති වෙනවා වෙලා නිසාන්ත රනතුන්ගට වෙන තෙනක ලේකම් තනතුරක් දෙනවා.
    හෙබයි O/L වත් පාස් නෙහෙ

  7. sam says:

    ඔය නිකන් තියෙන වැව් bund ටික වැව් පෝෂක ප්‍රදේශ ටික ඔය දෙසපලකයන්ගේ යහළු වියපරිකයන්ට දීල ඔය අක්කරයකට සත 50ක් විතර ගන්න.

Leave a Comment

Main News