‘WCC-ආසියාවේ උසම ගොඩනැගිල්ල’ මෙගා බේගයක්.. ෆොක්ස්වගන් බේගලය කැලේ.. කොළඹ වටිනා අක්කර 10කට බුදුසරණයි..

July 3, 2017 at 9:22 pm | lanka C news
‘WCC-ආසියාවේ උසම ගොඩනැගිල්ල’ මෙගා බේගයක්.. ෆොක්ස්වගන් බේගලය කැලේ.. කොළඹ වටිනා අක්කර 10කට බුදුසරණයි..

ලෝක මූල්‍ය මධ්‍යස්ථානය ලෙස හදුන්වමින් වර්ඩ් කැපිටල් සෙන්ර් පසුගියදා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කලේය. මෙම අයෝජනය, ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි. එනම් රුපියල් බිලියන 300 කට ආසන්නය. එය චීනය විසින් කොළඹ පෝට් සිටි සඳහා වැය කරන මුල් අදියරයේ වටිනාකම වන ඇ.ඩොලර් බිලියන 1. 4 මෙන් එකහාමාරකි. Link

එහෙත් මෙතරම් අති විශාල මුදලක් වැය කර ලංකාවේ ඉදිකරන ආසියාවේ උසම මෙන්ම ලෝකයේ 9 වෙනි උසම ගොඩනැගිල්ල සඳහා මේ දක්වා හරියට ස්ථානයක් නම් කොට නොමැත. අවම වශයෙන් ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කල අල් අමානා ගෘප් සමාගම ලංකාවේ හෝ විදේශීය රටක රුපියලකවත් මේ දක්වා ආයෝජනය කර නොමැත. එම සමාගම කිරීමට යෝජිත ආයොජන 3 ම ලංකාවේ සිදු කරන බව ඔහුනගේ වෙබ් අඩවිය නැරඹීමෙන් අවබෝධ කරගත හැකිය. Link

එමෙන්ම ඉතා විශ්වාශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට රජයේ පාඩු ලබන දෙපාර්තමේන්තුවකට අයත් අක්කර 10 ක ඉතා වටිනා ඉඩමක් ලබාදීමට අවශ්‍ය කොමිස් මුදලක් මේ වනවිටත් දේශපාලඥයෙකු විසින් අදාළ සමාගමෙන් ලබා ගෙන ඇති බවටද වාර්තා පලවෙයි. එම ඉඩමේ වටිනාකම අඩු කොට එම සමාගමට ඉතා අඩු මුදලකට ලබාදීමට අවශ්‍ය පහසුකම් ලෙස අනුමැතිය ලබා දීමට කටයුතු යොදා ඇත.

කුලියාපිටිය මහා භාරකරු සතු ඉඩම ජර්මනියේ ෆොක්ස්වගන් සමාගම එනවා කියා දුන් අකාරයට ඉතා අඩු මුදලකට දීමේ අරමුණෙන් ආයෝජන මණ්ඩලයේ ඉහළ පුද්ගලයකුගේ ද සම්බන්ධතා ඇතිව මෙම මහා ක‍්‍රියාව ආරම්භ කොට ඇත.

මේ සම්බන්ධයෙන් අපි අදාළ සමාගමන් දුරකතන අංක 0112504040 විමසු අවස්ථාවේදි සමාගමේ මොහොමඩ් අසෆ්රාස් මහතා පැවසුවේද ලෝකයේ 9 වෙනි උසම මෙන්ම ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ ඉදිකරන ස්ථානය තවම නිශ්චිත වශයෙන් හරියටම පැවසිය නොහැකි බවයි. එහෙත් ඔහු අදාළ ස්ථාන කොළඹ අක්කර 10 ක් බව වාර්තා වි ඇති බව සනාථ කලහ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ WCC අත්සන් කල ගිවිසුමේ ලියාපදිංචි සමාගමේ අධ්‍යක්ෂවරුන් සියල්ලම ලංකාවේ වන අතර එක විදේශිකයකු සිටි ඔහු වයස 34 පමණ වන සාමාන්‍ය පුද්ගලයකුවේ. ඊට අමතරව දන්නාතරමින් හෝ මෙතරම් විශාල කෝටි ගනනක ආයෝජනයේ ඉන්න එකම ලංකාවේ හෝ ලෝකයේ ඉන්න ව්‍යයාපරිකයා වත්තල මොමො (MO MO Restaurant) රෙස්ටුරන්ට් හි අයිතිකරු වන විජේන්ද්‍රන් බාලකිර්ස්නා ය. Link

ශ්‍රී ලංකාවේ මෙතරම් විශාල අයෝජනයක් කිරීමට එනම් ඇ.ඩොලර් බිලියන 2ක් වත්තල රෙස්ටුරන්ට් එකක් අයිතිකරුවකුට හැකිනම්, පසුගිය රජය චීන ජනාධිපතිවරයා ලංකවට කැදවා පෝට් සිටි වැනි ව්‍යපතියක් සඳහා අයෝජනය කිරීමට ආරාධනා කිරීම විහිලුවකි. හේතුව එදා ආණ්ඩුවට තිබුණේ චීනයට නොගොස් වත්තල ප්‍රදේශයට ගොස් මෙවෙනි විශාල ආයෝජකයකු සොයා ගැනිම බව ඉදිරියේදී පැවත්වෙන කැබිනට් තීරණයන් දැනුම් දෙන මාධ්‍ය හමුවකදි ත්‍රිකැබිනට් මාධ්‍ය ප්‍රකාශකයින් පවසනු ඇත.

– අන්තර්ජාලයෙනි

133 views
Main News