WCC ‘උසම බිල්ඩිම ලොකුම බොරුව’ සහසුද්දෙන්ම හෙලිවේ.. කැබිනට්ටුවත් දන්නේ නෑ..
July 6, 2017 at 9:20 am | lanka C news
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්’ නමින් කරමින් ඩොලර් බිලියන 2ක විදෙස් ආයෝජනයකින් කොළඹ ඉදිකිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තබන ලද ගිවිසුම දැවැන්ත බොරුවක් බව තව දුරටත් තහවුරු කරමින් සිරස රූපවාහිනිය වාර්තාවක් ඉදිරිපත් කලේය.
කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න මහතාද කියා සිටියේ මෙවන් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලැබී නැති බවයි.
සිරස රුපවාහිනිය විසින් වැඩසටහන නම් කර ඇත්තේම ‘උසම බිල්ඩිම ලොකුම බොරුව’ නමිනි.