WDJ, TB ඇතුළු ශ‍්‍රීලනිප ලොක්කන් හතරක් යන්නට පෙර පන්නන්න සූදානම්..

November 17, 2017 at 11:20 am | lanka C news
WDJ, TB ඇතුළු ශ‍්‍රීලනිප ලොක්කන් හතරක් යන්නට පෙර පන්නන්න සූදානම්..

2018 අයවැය අවසාන ඡන්ද විමසීමට පෙර ආන්ඩු පක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රිලනිපයේ ප්‍රබලයික් සිවු දෙනෙකු තනතුරුවලින් ඉවත් කරනු ඇති බවට වාර්තා පල වෙයි.

මෙසේ ඉවත් කිරීමට ඇත්තේ ඇමති ජෝන් සෙනවිරත්න, රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන අය බවද වාර්තාවන්හි දැක්වෙයි.

මෙම පිරිස අයවැය අවසන් වර ඡන්ද විමසීමේදී ඊට විරුද්දව ඡුන්දය දී විපක්‍ෂයට එක් වනු ඇතැයි වාර්තා වීම හේතුවෙන් ඊට පෙර ඔවුන් ඉවත් කල යුතු යයි තීරණය වි ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් පළාල් පාලන මැතිවරණය මොනයම් ආකාරයකින් හෝ තව දුරටත් කල් යතොත් මෙම ක‍්‍රියාමාර්ග කිසිවක් නොගැනෙනු ඇතැයිද වැඩි දුරටත් සදහන්ය.

12 views

5 Comments to “WDJ, TB ඇතුළු ශ‍්‍රීලනිප ලොක්කන් හතරක් යන්නට පෙර පන්නන්න සූදානම්..”

  1. රාහුල කොලුවා says:

    පොහොට්ටුව පැත්ත පලාතේ වද්ද ගන්න නම් එපා… ටී.එන්.ඒ එකට ගියත් අපිට ප්‍රශ්ණයක් නෑ…

  2. Dubba says:

    දැන් මේ කෙරෙන්නේ චන්දෙට වැඩ.
    මුන් යවන්නේ ඔත්තු කාරයෝ විදිහට ඒකාබද්දේ කඩන්න.
    රනිල් අස් කරන්නේ චන්දෙන් පස්සේ දාන්න.
    එජාපෙ බොන්ඩ් කොමිසම පතුරු ගහන්නේ එක මහා ලොකු දෙයක් කියල පෙන්නන්න. වැරදි කාරයන්ට දඬුවම් දෙනකම් කොමිසමෙන් ඇති වැඩේ මොකක්ද.

  3. ගමරාළ says:

    සුසන්ත පුංචිනිලමේ- මු තමයි යුනිවසිටි කොල්ලන්ගේ ඔලු ගෙඩිවලට ඇණ ගැහුවේ

    ලක්ෂ්මන් වසන්ත පෙරේරා – මු තමයි අරක්කු ෆැක්ටේරියක් කළේ.

    මුන් ගත්තොත් අපි මහින්දටත් නැ. මහින්දට මතක නැතුවට අපිට මුන් ගැන හොදට මතකයි

  4. බලු ජෝනා සහ කෑඩිච්ච සපත්තුවා says:

    මහින්ද මහත්තය, අස් කරනකංම නොගිහින් විලි ලජ්ජා නැතිව ජඩ පාලනයේ එල්ලිලා ඉඳපු මේ වගේ දෙපැත්ත කන කටු සුප්පු කරන බල්ලන්ව ඔබතුමා ලඟට නම් ගන්න එපා.

  5. Krishantha says:

    JO please don’t take them. If they join you JO will loose votes

Main News