Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

January 16, 2021 at 9:20 am | lanka C news
Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ඉවත් කිරීම මැයි මාසයෙන් පසුව

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබුනත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත.

මේ සමගම වට්සැප් සමාගම තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීම මේ වසරේ මැයි මාසයෙන් පසු කාලයක් දක්වා කල්දමා ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දැනුවත් කරමු.

පෙබරවාරි 8 දා සිට ක්‍රියාත්මක වීමට තිබූ වට්සැප් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක වීම කල්යාම හේතුවෙන් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව හා එකග නොවුන පරිශීලකයන් හට මැයි මාසයෙන් පසු කාලයක් දක්වා තම ගිණුම් අහිමිවීමෙන් තොරව භාවිතා කිරීමේ හැකියාව ලැබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

29,759 views

7 Comments to “Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…”

  1. SL says:

    Use“ Signal“
    If we all switched from whatsapp,Zukerburg can not do anything

    • අජිත් says:

      I think “Telegram’ is a better option as nearly 500 million are using this app and almost 50 million downloads during the last few days.

  2. ලක යා says:

    අල්ලලා දාමු බං ලා . ඉස්සර වගේ කුරුල්ලෙක් අල්ලං පයිංඩෙ කකුලෙ ගැටගාලා යවමු . අරුං ට කුද ගහගංන කියමු .

  3. Banda says:

    Its nothing but banditry. Reject whatsup offer and move on to a would be shark. 🙃

  4. බයියා says:

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියන එකේ ඉන්න එකම එකා රජීව් යසිරු කුරුවිටගේ මැතිව් කියන එකා විතරයි. ඌත් මේ වෙඩින් ෆොටෝෂූට් කරන හිච්චි කොල්ලෙක්…

  5. නිමල් says:

    කියන්න බය රහස් ඕකේ දාන්න ඕනද? වැරදි දේවල් ඕකේ දාන්න ඕනද? එහෙමනම් තමා බය….

  6. පොඩි එකා says:

    “එහෙනං ඉක්මනට මැයි වලට කලිං පලාස්සබා චන්දෙ තියලා අප්පච්චිගෙ ඇට දෙක ආ සොරි සොරි වැරදුනා, අත් දෙක සක්තිමත් කෙරමු, ඌ මැරෙන්ඩ කලිං….” කියලා මොකෙක් හරි ගොනෙක් ටීවි එකේ උම්බෑ කියයි සුවර් එකටම හෙටානිද්දම .

Main News