විමල් අධිකරණ ඉතිහාසය අලූතින් ලියවයි.. නීතී සහය නැතිව විත්ති කූඩුවේ අඩපැයකදී කල මල් විසිරෙන කතාව මෙන්න..

March 6, 2017 at 7:28 pm | lanka C news
විමල් අධිකරණ ඉතිහාසය අලූතින් ලියවයි.. නීතී සහය නැතිව විත්ති කූඩුවේ අඩපැයකදී කල මල් විසිරෙන කතාව මෙන්න..

මට අදාළව බල පැවැත්වෙන නීති ආශූ මාරසිංහ – ලසන්ත අලගියවන්න සම්බන්ධයෙන් අප්‍රාණික තත්වයට පත් වී තිබෙන්නේ කුමන හේතුන් මතද?

– විමල් වීරවංශ අධිකරණයෙන් විමසා සිටී

තමන්ට අදාළව බල පැවැත්වෙන නීති ආශූ මාරසිංහ – ලසන්ත අලගියවන්න යන අය සම්බන්ධයෙන් අප්‍රාණික තත්වයට පත්වී තිබෙන්නේ කුමන හේතූන් මතදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ගරු අධිකරණයෙන් විමසා සිටියේය.

අද (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඒ මහතා මෙසේ විමසා සිටියේය.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ අවසරය ඇතිව විවෘත අධිකරණය හමුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමන්ට සිදුව ඇති අගතිය පිළිබඳ කරුණු දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“පළමුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම උසාවිය නොමඟ යවමින් මට සිදු කර ඇති අගතිය පිළිබඳව සැකෙවින් කරුණු දැක්වීමට අවසර ඉල්ලනවා. මෙම අධිකරණ කාර්යයට අදාළ පළමු බී වාර්තාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම ගරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ 2016.09.13 වැනි දින බව සිහිපත් කිරීමට කැමතියි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා එම වාර්තාවෙහි සඳහන් කර තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රයෙහි සහ පොදු දේපළ විෂයෙහි ලා ගැනෙන වැරදි ගණනාවක් සම්බන්ධයෙන් වරදක් සිදුකර ඇද්ද යන වග තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවයි. එමෙන්ම ගරු මැතිනියෙනි, මෙම පළමු බී වාර්තාවට පොදු දේපළ පනතෙහි 8(1) වගන්තිය ප්‍රකාරව සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් සහතිකයක් ද ලබාදී තිබෙනවා. එම සහතිකය මගින් පැහැදිලි කොට තිබෙන්නේ මා අත්අඩංගුවට ගැනීමට අදාළ වගන්ති සහ අදාළ සහතිකය ලබාදීමට මුල් වූ කරුණුයි.

මා නීතිය පිළිබඳ විශාරදයකු නොවුණත් ව්‍යවස්ථාදායකය වසර 17ක් තිස්සේ එකදිගට නියෝජනය කරන මන්ත්‍රිවරයකු වශයෙන් මගේ අවධානය මේ කෙරෙහි යොමු කිරීම මැනවයි සිතුවා. සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් යම් පුද්ගලයකු සම්බන්ධයෙන් පොදු දේපළ පනතේ 8(1) වගන්තිය යටතේ එවැනි සහතිකයක් ලබා දෙන අවස්ථාව වන විට එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන හෝ අධිකරණයට භාරවී හෝ සිටිය යුතුයි. ඒ අතරම එම බී වාර්තාවෙහිම චූදිතයා එම වරද සිදුකර ඇති බවට පොලීසිය සෑහිමතට පත්විය යුතු වෙනවා. නමුත් සහකාර පොලිස් අධිකාරීවරයා සහතිකය ඉදිරිපත් කරන පළමු බී වාර්තාවේ පොලීසිය සඳහන් කර ඇත්තේ විවිධ වගන්තිවලට අදාළව මා වරදක් සිදුකර ඇත්දැයි තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවයි.

නමුත් මා අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම සහතිකය ඇතුළත් පළමු බී වාර්තාව මේ ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති කිහිපයකට පසුව, නැවතත් ගරු අධිකරණය වෙත පොලාිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන ලද බී වාර්තාවකින් පසුවයි. ඒ අනුව ගරු මැතිනියෙනි, මා විශ්වාස කරනවා, මා අත්අඩංගුවට ගැනීම හා සිරගත කොට තබා ගැනීම පොදු දේපළ පනතේ 8(1) වගන්තියට අනුකූලව නොවෙයි, අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක වන මෙම විශේෂ කොට්ඨාසය විසින් සිදුකොට ඇත්තේ කියා. ඒ වගේම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන බී වාර්තාවන්හි සහ මට විරුද්ධව ඉංජිනේරු සංස්ථාවේ නව සභාපති ජෝකිම් යන අය ඉදිරිපත්කර ඇති පැමිණිලෙහි සඳහන්ව ඇත්තේ මා සොරකමක් කළ බව නොවේ. ඒ සියල්ලෙහිම සඳහන්ව ඇත්තේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සිදුවී ඇතැයි කියන පාඩුවක් සම්බන්ධයෙනි.

ගරු මැතිනියෙනි, මා දන්නා ආකාරයට කිසියම් රාජ්‍ය ආයතනයකට යම් කිසිවකුගේ ක්‍රියාවක් මත පාඩුවක් සිදුව ඇත්තේනම් හෝ එසේ සිදු වූ බව සිතන්නේනම් ඒ සම්බන්ධව අනුගමනය කළ යුතුව ඇත්තේ සිවිල් නඩු විධාන ක්‍රියා පිළිවෙතයි. අවශ්‍ය නම් එම ආයතනයට සිදුවී ඇතැයි කියන පාඩුව අයකර ගැනීමට ඒ මගින් හැකියාව ලැබේ. නමුත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට උවමනා වූයේ සිවිල් නඩු පාදක වන කටයුත්තක් වංචනික ලෙස පොදු දේපළ පනත යටතට ගෙන මා දීර්ඝ කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගත කිරිමේ ආශාව සම්පූර්ණකර ගැනීමටයි.

පළමු බී වාර්තාව අනුව මා වරදක් සිදුකර අතැයි නොකියන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, එම බී වාර්තාවේම සටහන්කර ඇති සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහතිකය මගින් ඊට සති කිහිපයකට පසුව මා අත්අඩංගුවට ගන්නේ කෙසේද? පොදු දේපළ පනතෙහි 8(1) වගන්තිය අනුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහතිකය ඉදිරිපත් කරන අවස්ථාව වන විට මා අත්අඩංගුවට ගෙන තිබීම හෝ අධිකරණය හමුවට භාර වී සිටීම අනිවාර්ය වන්නේ නොවේද? එම පළමු බී වාර්තාවේ සහතිකය’පදනම් කෙට ගෙන පසුව සකසන ලද බී වාර්තාවක් ඉදිරිපත් කරන අවස්ථාවේ මා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හිතාමතාම මේ ගරු අධිකරණය නොමඟ යැවීමට කටයුතු කිරීමක් නොවන්නේද?

මීට අමතරව මා ඔබතුමියගේ අවධානය යොමු කරනවා, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් අනුගමනය කොට තිබෙන ක්‍රියා පිළිවෙතෙහි අයුක්ති සහගත ස්වභාවය පිළිබඳව.

‘ආශූ මාරසිංහ’

මෙම චෝදනාවට අදාළ මුල් කාලයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධුරය දරන ලද්දේ ආශූ මාරසිංහ නැමැත්තෙක්. එතුමා සභාපතිව සිටින කාලයේදී වාහන 11ක් මාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා වෙනුවෙන් කුලියට ගෙන යොදවා තිබුණු බව පළමු බී වාර්තාවේ සඳහන්ව තිබෙනවා. එසේම එම වාහන 11 එසේ ලබාගැනීම මගින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සිදු වී තිබෙන පාඩුව ඔවුන් ගණන් බලා ඉදිරිපත්කොට තිබෙනවා. මෙම නඩුවේ දෙවන චූදිතයාව සිටින සමන්ත මහතා ආශූ මාරසිංහ සභාපතිත්වය දරන සමයේ එනම්, අදාළ වාහන ඔවුන් කියන පරිදි, ‘අවභාවිතයට ලක්කරන ලද අවධියේදි’ සේවය කරන ලද්දෙක් නොවෙයි. නමුත් එම වාහන 11ට අදාළව එවකට සංස්ථා සභාපති ආශූ මාරසිංහ හෝ වෙනත් එහි නිලධාරියකු සමන්ත මහතා මෙන් අත්අඩුගුවට ගෙන මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන නැහැ. එමගින් පැහැදිලි වන්නේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන්ගේ ස්වාමියාගේ උපදෙස් අනුව ඉලක්කගත පුදිගලයන් දඩයම් කිරීම පිණිස මෙම ක්‍රියාදාමය යොදා ගනු ලබන බවයි.

‘ලසන්ත අලගියවන්න’

ඒ අතරම ගරු මැතිනියෙනි, ප්‍රශ්නයට අදාළ සමයේ මගේ නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි ලසන්ත අලගියවන්න මහතා වත්මන් රජයේ ගරු නියෝජ්‍ය අමාත්‍ය ධුරයකින් පිදුම් ලබා තිබෙනවා. මා පෙර සඳහන් කළ අංශූ මාරසිංහ මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට වාසනාවන්ත වී තිබෙනවා. ආශූ මාරසිංහ සම්බන්ධයෙන් මෙන්ම ලසන්ත අලගියවන්න සම්බන්ධයෙන්ද මට අදාළව බල පැවැත්වෙන නීති අප්‍රාණික තත්වයට පත්වී තිබෙන්නේ කුමන හේතූන් මතදැයි මේ ගරු අධිකරණයෙන් මා විමසා සිටිනවා.

මා යටතේ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා කුලී පදනමින් වාහන 04කට වැඩි ප්‍රමාණයක් තම කටයුතු වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තම පළමු බී වාර්තාවෙන් එම එක් වාහනයකරියදුරෙකු සිදුකර ඇති ප්‍රකාශයක් ද සඳහන් කර තිබෙනවා.එම ප්‍රකාශය මගින් නියෝජ්‍ය ඇමතිවරයා විසින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා කුලී පදනමින් ලබාගත් වාහනය පාවිච්චි කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහර ශාඛාවේ කටයුතු වෙනුවෙන් බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. නමුත් එම රියදුරාගේ එකී කටඋත්තරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන මෙම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා බේරා ගැනීම වෙනුවෙන් දැනට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය නොකරන ඉංජිනේරු මහතකුගේ කටඋත්තරයක් සටහන්කර ගෙන මේ ගරු අධිකරණය හමුවට ඉදිරිපත්කර තිබෙනවා.

ගරු මැතිනියෙනි, ‘වාහන අවභාවිතයට අනුබල දුන්නේය’ යන චෝදනාව මත මා අත්අඩංගුවට ගෙන මේ අධිකරණය හමුවට පමණුවා දින 54ක් රිමාන්ඞ් බන්ධනාගාර ගතකර රඳවා ගෙන සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂයේ පත් කළ මන්ත්‍රීවරයකු වූ ආශූ මාරසිංහ නැමැත්තා මට විරරුද්ධව ලබා දී තිබෙන කටඋත්තරයක් පදනම්වයි. එහෙත් මගේ නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි වත්මන් රජයේ ද නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ලසන්ත අලගියවන්න මහතා පාවිච්චි කරන ලද වාහනවලට අදාළව මා කලින් පෙන්වා දුන් රියදුරාගේ ප්‍රකාශය, එකී නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන මෙම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට හේතුවක් ලෙස මෙම මූල්‍ය අපරාධ කොට්ඨාසයට පෙනී යන්නේ නැහැ.

‘රාජිත සේනාරත්න’

එසේම ගරු මැතිනියෙනි, මම මගේ කටඋත්තරය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදීමේදී කියා සිටියේ, මා අමාත්‍යවරයකු වශයෙන් රාජකාරී භාර ගන්නා පළමු අවස්ථාව එය බැවින් මාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට උපදෙස් දෙනු ලැබුවේ, මාගේ පූර්වගාමී අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය කටයුතු කරන ලද ආකාරය පුර්වාදර්ශයක් ලෙස සලකා ක්‍රියාකරන ලෙස බවයි.

මා ඔවුන්ට වාහන අංක සහිතව වාර්තා කොට සිටියේ රාජිත සේනාරත්න මහතා අදාළ අමාත්‍ය ධුරය දරන ලද යුගයේදී ද ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය විවිධ අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් වාහන ලබා ගෙන ඇති බවයි. එමෙන්ම එම වාහන පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වන ලද සමයේත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් ලබාගත් වාහන පිළිබඳ තොරතුරු ද මවිසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මගේ කටඋත්තරයේදී ප්‍රකාශ කර සිටියෙමි. එහෙත් ගරු මැතිනියෙනි, ඒවා වාහන අවභාවිතයට හෝ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පාඩුවක් සිදු කිරීමක් ලෙස හෝ දැකීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීන්ට උවමනා වූයේ නැහැ.

මේ සියලුම කරුණු අනුව ගරු මැතිනියෙනි, පොදු දේපල පනතේ 8(1) වගන්තියට අදාළ කොන්දේසි සපුරන්නේ නැතිව ඊට පටහැනිව මා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නොමග යැවීම සම්බන්ධයෙන් මෙම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීන්ට එරෙහිව කටයුතු කරන මෙන් මා ඉතා ගෞරවයෙන් යුතුව ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා.

එසේම නීති විරෝධි රඳවා ගැනීම නතරකොට මා නිදහස් කිරීමට පියවර ගන්නා මෙන් ද මා මේ අධිකරණයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේ කළ නොහැකි නම් ගරු මැතිනියෙනි, මහජන නියෝජිතයකු වශයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් සෑම අවස්ථාවකදීම මා තරඟ කළ පිලෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වැඩිම මනාප ලබාදී මා කෙරෙහි තබන ලද විශ්වාසය කඩ නොකළ මන්ත්‍රිවරයකු වශයෙන් මා ඔබතුමියන්ගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයකු ලෙස මාගේ කාර්යය ඉටු කිරීමට සිදු වන බාධාවන් පිළිබඳව සලකා බලා හෝ එය සුවිශේෂි කරුණක් ලෙස සලකා හෝ ඇප මත නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

විශේෂයෙන් ගරු මැතිනියෙනි, මේ අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වීම පිළිබඳව ක්‍රියා පටිපාටිය ආරම්භ වී තිබෙන බැවින් ඒ සම්බන්ධව මට අයත් වන භූමිකාව ඉටු කිරීමේ වැදගත්කම මට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් මා ඔබතුමිය හමුවේ පෙන්වා දීමට කැමැතියි.

තවද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මීට අදාළ විමර්ශන අවසන් කොට ඇති බව ඔබතුමිය වෙත දන්වන ලද නිසාත් නීතිපතිවරයාට මේ කරුණු දැන්වීමෙන් පසු සිදු වනු ඇතැයි විශ්වාස කළ හැකි දිග්ගැස්සුනු ක්‍රියාවලිය අවසන්වන තුරු මා රිමාන්ඞ් බන්ධනාගාරගත කොට තබා ගැනීම යුක්ති සහගත නොවන නිසා මට ඇප ලබාදීමට කාරුණිකව තීරණය කරන මෙන් ද එමගින් මාගේ ජනතාවට සේවය කිරීම සඳහා අවස්ථාව සලසා දෙන මෙන් ද මෙම අධිකරණය වෙතින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

දැනට පවතින ආරක්‍ෂක තත්වය අයහපත් හෝ යහපත් යැයි කීමට තරම් හැකියාවක් මා සතුව ඇත්තේ නැත. ඒ පිළිබඳව තීරණය කළ යුතුව ඇත්තේ ඊට අදාළ බලධාරීන් විසිනි. නමුත් ස්වාමිනි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ගරු අධිකරණය වෙත දන්වා ඇති පරිදි සවස 5.30 සිට පසුදා පෙරවරු 6:00-6:30 දක්වා මා සිටින සිරමැදිරිය හා එම වාට්ටුවේ තිබෙන සෙසු සිර මැදිරිද අගුළු දමා වසා දමනු ලබනවා. අදාළ ලිපියේ සඳහන් වන පරිදි ශරීර කෘත්‍යයන් වෙනුවෙන් භාජන දෙකක් මේ සිරකුටිය සඳහා ලැබී තිබුණත් ඒවා ප්‍රයෝජනයට ගතහොත් රාත්‍රිය ගත කිරීමට සිදුවන්නේ වැසිකිලියකට සමාන තත්වයක බැවින් මා ඒවා ප්‍රයෝජනයට නොගෙන සිටීම සඳහා රාත්‍රී ආහාරය නොගෙන සිටීමෙනුත් වතුර අඩුවෙන් පානය කිරීමෙනුත් ක්‍රියාකොට තිබෙනවා. අදාළ මානුෂීය අවශ්‍යතාවට බන්ධනාගාරයට දිය හැකි පිළිතුර එය විය හැකි වුවත් මා එය අභියෝගයට ලක් නොකළත් එය මා සම්බන්ධයෙන් විසඳුමක් ලෙස පිළිනොගන්නා බව ගරු අධිකරණය වෙත කාරුණිකව දන්වා සිටිනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

47 views

30 Comments to “විමල් අධිකරණ ඉතිහාසය අලූතින් ලියවයි.. නීතී සහය නැතිව විත්ති කූඩුවේ අඩපැයකදී කල මල් විසිරෙන කතාව මෙන්න..”

  1. Kusum says:

    ඉන්දියාවට එරෙහිව විමල් කියනව. ඉන්දියාව තමයි මේවා පිටිපසින් සිටින්නෙ.

  2. Sinhaya says:

    Jaha paalana stray dogs will see the fireworks after Wimal gets out of jail. These dogs are NO MATCH for Wimal.

  3. WELL SAID AS ALWAYS HON WIMAL WEERAWANSA…..great words as always…..jaya jaya jayama wewaaaaa VERY SOON!!!!!!!!!!!!!!!!!

  4. well said Sinhaya…agree 100% with your above comment…..

  5. Nemesis says:

    විමල් ඔබට වෙන අගතිය ලංකාවටම පේනවා.

    ඔබ වගේ කෙනෙකුට කරන මේ අපරාදය ජාති ජාතිත් පටිසන් දෙනවා.

    ලංකා දේශපාලනයට ඉහඳ පනුවෝ ගහලා. දොරටුපලයෝ, රජවරු, මහල්ලෝ, වහල්ලු, කම්බ හොරු, තවත් දේශපාලනයේම ලැග ගෙන ඉන්න මුන් ඔක්කොම නැති වෙලා ගිය දවසට ලස්සන ලංකාවක් හැදෙනවා.

    විමල් සහෝදරයා, ඔබ එනතුරු අපි බලා ඉන්නවා. ඔබව සිරගත කළාට ඔබට ආදරේ කරන ලක්ෂ ගණන් ජනතාව සිරගත කරන්න බැරි බව මුන්ට අමතක වෙලා.

    • Nemesis says:

      දේශපාලනයට යට වෙච්ච FCID වගේ ආයතනයක් නැතුව, විශේෂ පනතක් ගෙනල්ල විධායක ජනාධිපතිට වග කියන විශේෂ බලතල තියෙන ආයතනයක් පිහිටුවලා, පහුගිය අවුරුදු 10 පුරාමත්, මේ අවුරුදු දෙකටත් රට මංකොල්ල කාපු තුච්ඡ දේශපාලකයෝ ඔක්කොම අල්ලලා බරපතල වැඩ ඇතුව හිරේ දාන්න ඕනේ. සියලු වත්කම් චංචල නිශ්චල දේපල රාජසන්තක කරන්න ඕනේ. රටේ බහුතර ජනතාව හිඟා කන්න ඇරලා රටේ සම්පත් කොල්ල කාපු මේ කාලකන්නින්ට ආපහු කවදාවත් දේශපාලනයට එන්න බැරි වෙන්න ප්‍රජා අයිතිය තහනම් කරන්න ඕනේ.

      මිනිස්සුන්ට දැන් ඇතිවෙලා තියෙන්නේ මුන් දෙගොල්ලන්ගේම බොරුව. තමන් බලයේ ඉන්න කාලේ කන්න පුළුවන් තරම් රට කාලා, දැන් හොරා කන එවුන්ගේ වැරදි හොයලා සුදනෝ වෙන්න යනවා. දැන් හොරා කන එවුන් උන්ට ආරක්ෂා වෙන්න ඕනේ නිසා, කලින් හොරා කාපු එවුන්ව බේරන්න, දෙගොල්ලොම එකතුව වෙලා විමල් වගේ රටට ආදරේ කරන දේශප්‍රේමීන්ව හිරේ දමනවා.

      කෝ දැන් විමල් ඉන්න කම් විමල් සතියකට එක සැරේ ගානේ ඉරිදා දවස් වලයි පෝය දවස් වලයි FCID ගියා. දැන් බල්ලෙක්වත් FCID ගෙනියන්නේ නැහැ. මුන් හිතා ඉන්නේ මේවා මිනිස්සුන්ට පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ කියලා. මිනිස්සු අන්තිම අප්‍රසාදයෙන් නිහඬව හැමදේම දිහා බලා ඉන්නවා. විමල් වෙනුවෙන් කතා නොකරපු අස්ගිරි හාමුදුරුවෝ රාජිත වෙනුවෙන් කතා කරනවා. අස්ගිරි හාමුදුරුවෝ ගැන විතරයි මිනිස්සුන්ට පැහැදීමක් තිබුනේ. දැන් දේශපාලකයන්ට කඩේ ගියාට පස්සේ බෞද්ධයන්ට අස්ගිරි හාමුදුරවෝ ගැන තිබුනු පැහැදීමත් නැති වුනා. රනිල්ට කඩේ යන මල්වත්තගෙයි රාජිතව අගමැති කරන්න රාජිතට කඩේ යන අස්ගිරියගෙයි කිසි වෙනසක් නැහැ.

      මහල්ලන්ගේ කෙරුවාව දැන් තරුණ පරම්පරාවට තේරිලා තියෙන්නේ. මුන් දෙගොල්ලන්ම එකතු වෙලා රටේ සාරය උරා කනවා. පංච මහා බලවේගය රවට්ටන එවුන්ට ඊළඟ චන්දෙදි තේරෙයි මිනිස්සුන්ගේ කෙරුවාව.

      මුන්ට හොරා කන්න මෙච්චර සම්පත්, මෙච්චර ධනය මේ රටේ තියෙනවා කියලා මිනිස්සුන්ට තේරෙන්නේ දැන්. වැඩි දවසක් යන්න ඉස්සෙල්ල මේ මුළු සමාජ ක්‍රමයටම විරුද්ධව මිනිස්සු නැගී හිටිනවා.

  6. NAK says:

    Isn’t it absurd that these courts are unable discern what is abuse of public property and what is not?
    Are they so childish that the FCID can mislead them in to do what ever they ask?

  7. Boo says:

    බැංකු හොරාට සහ පඹය ට ආපහු ගෙවන්න වෙන්නේ මේවට ගිනි පොලියත් එක්ක, උණු හැලියේ දිය කෙලින මෝඩ කකුළු රැල , ඔහොම යන්කෝ , බෝලාගේ ආයුෂ කොටයි.

Main News